නවතම පුවත්

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ දරුවන් පිරිසකට විභාගයට පෙනිසිටීමේ අවස්ථාව අහිමිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න, - අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කරයි

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල වෙත ගෙවිය යුතු මුදලක් නොගෙවීම පදනම් කරගනිමින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිසුන්හට වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත නියෝග කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යංශයට වාර්තා වූ කරුණු සහ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ විමර්ශනය සිදුකරන ලෙස සහ අදාළ විදුහල්පතිවරයාගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

මෙවැනි සිදුවීම් හරහා දරුවන් සහ මවුපියන් මුහුණපාන ගැටළු පිළිබඳ වඩාත් මානුෂික මුහුණුවරකින් අවධානය යොමුකිරීම නිලධාරින්ගේ වගකීමක් බවත් මුදල් ලබා නොදීමේ සිද්ධියක් මත දරුවන් විභාගය වැනි තීරණාත්මක කඩයිමකට පෙනීසිටීම වැළැක්වීමට යමෙකු ක්‍රියාකර ඇත්නම් එය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

Search