නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මීළඟ ජනපති නිල මෙහෙවර කුරුණෑගල දී

ජනතා ගැටලු කඩිනමින් විසදීම අරමුණු කර ක්‍රියාත්මක වන ජනපති නිල මෙහෙවර මීළඟ වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම්කර පැවැත්වීමට තම ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතුයොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ පසුගිය (18) දා පැවති කුලියාපිටිය ගල්ගම්මුල්ල මංසන්ධියේ සිට කබල්ලෑව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයට එක් වෙමින්.

ඒ පිළිබඳ සිදු කරන ලද මූලික විමසීමක දී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජනතා ගැටලු පන්ලක්ෂ දහදාහක් හඳුනාගැනීමට හැකි වූ බව පැවසූඅමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දී ඉඩම්හිමිකම් ආශ්‍රිතව ඔප්පු දස දහසක් පමණ ලබාදීමට නියමිත අතර, හැඳුනුම්පත් ලබාදීම, විදේශ ගමන් බලපත්‍ර ලබාදීම ඇතුළු මහජන සේවාරාශියක් ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකිවන බව ද සිහිපත් කළා.

පළමු ජනපති නිල මෙහෙවර වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්වූ අතර දෙවන වැඩසටහන පැවැත්වූයේ ගාල්ලදිස්ත්‍රික්කය ආශ්‍රිතවයි. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එහි තුන්වැනි වැඩසටහනයි.

Search