ලංකාවේ පාසල් දෙකක් වෙත ඩිජිටල් තාක්ෂණ උපකරණ සහිත පහසුකම් සහිත පන්ති කාමර (02) දෙකක් ලබාදීමට ඉන්දියානු MBD සමූහ ආයතනය එකඟත්වය පළ කර තිබෙනවා. එම පන්ති කාමර ස්ථාපිත කිරීමට අදාළ නිල වැඩසටහන පසුගිය දා (06) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියානු MBD සමූහ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මොනිකා මල්හෝත්‍රා මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්.
කුරුණෑගල, නක්කාවත්ත ජාතික පාසල සහ කෑගල්ල, ගනේතැන්න මහා විද්‍යාලය මෙසේ ඩිජිටල් පන්ති කාමර ස්ථාපිත කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම පාසල්වල දැනට පවතින සාමාන්‍ය පන්ති කාමරයක් මෙසේ ඩිජිටල් පහසුකම්වලින් සමන්විතව නවීකරණය කෙරෙනවා. ඒ අනුව ඩිජිටල් පුවරුවක්, පරිගණක යන්ත්‍රයක් සහ සෙසු උපකරණ අදාළ පාසල් වෙත ලබාදීමට නියමිතයි.
මීට අමතරව අදාළ උපකරණ පරිහරණය කිරීම සම්බන්ධව විවිධ විෂයයන් ආවරණය වන පරිදි නම් කරනු ලබන ගුරුභවතුන් කණ්ඩායමක් පුහුණු කිරීමට ද ඉන්දියානු MBD සමූහ ආයතනය එකඟ වී ඇති අතර, එම පුහුණු කටයුතු මේ සතියේ ආරම්භ කෙරෙනු ඇති. පුහුණුවට ලක්කරනු ලබන ගුරුභවතුන් හරහා පාසලේ සෙසු ගුරුවරුන් පුහුණුකිරීමට අපේක්ෂිතයි.
මෙම ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු ජයම්පති අරඹෙපොළ මහතා, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම නිල අවස්ථාවට එක්ව සිටියා.