නවතම පුවත්

ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් පිරිනැමේ

ඉතා අසනීප තත්ත්වයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත මහතාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා පිරිනමනු ලැබුවා.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මේ වන විට දැඩි සේ රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

80 දශකයේ දී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතා තරුණ තරුණියන් අතර මහත් ජනප‍්‍රියත්වයට පත් ගායකයෙක්. පෙම්වතුන් සිනා සේ ගීතයෙන් රසිකයින් හඳුනා ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත, සුදු මල් පොකුරක්, විජිතයේ ආදරේ, සඳ රේණු වැහෙනා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.

ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත මහතා වෙනුවෙන් ඇයගේ නැගණිය වෙත අදාළ චෙක්පත භාරදීම අමාත්‍යවරයා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

Search