අපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ටද පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර ඇත.
අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීම අවසරය ලබා දී තිබේ.
විදුහල්පතිවරුන්ට මෙම බලය පවරා ඇත්තේ අදාළ ප්‍රදේශයන්හි පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අමතරවයි.
එමෙන්ම අදාල තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ විදුහල්පතිවරුන්ට තම පාසලට බලපාන අාපදා සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීමේ හැකියාව සහ ඇතැම් ප්‍රදේශ වල කාර්යාලය කටයුතු,සන්නිවේදනය අාදිය ඇනහිටීම සැළකිල්ලට ගෙනයි.
මීට අමතරව විපතට පත් වු පාසල් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිළධාරීන්ට උපදෙස්.
අපදාවන් හේතුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත්,නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්,අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහාත් මෙලෙස තොරතුරු ලබා ගැනීමට තීරණය කොට ඇත.