· පළමු පියවර ලෙස විහාරස්ථාන 150 ක් සංරක්ෂණය හා සංවර්ධනයට
ලක්ෂ 460 ක්
· සමාරම්භය ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (15)
අරලියගහ මැදුරේ දී
මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බෞද්ධ විහාරස්ථාන සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ එළඹෙන වෙසක් පොහොය දින වන විට නියමිත නිර්දේශයන් සපුරන බෞද්ධ විහාරස්ථාන දහසක (1000) සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආධාර මුදල් ලබාදීමට සැලසුම් කර ඇත.
එහි පළමු පියවර ලෙස දිවයින පුරා පිහිටි විහාරස්ථාන 150 ක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 460 ක් වටිනා චෙක් පත් ලබා දීම හෙට (15) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
බෞද්ධ විහාරස්ථානවල සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා මෙම ආධාර ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට බැරවන මුදල් මගිනි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා අතර විදේශිකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවිකිරීමෙන් ලැබෙන ආදායම් යොදවා මෙරට සියලු ම ජාතික උරුම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට මෙන් ම පෞරාණික උරුමයක් සහිත වෙහෙර විහාර සහ සිද්ධස්ථානවල සංරක්ෂණ හා නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්‍ය ආධාර ලබාදීම සිදු කරනු ලැබේ.