සමස්ත දිවයිනම ආවරණය පරිදි සේවයේ නිරත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් කොළඹට කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා අද පියවර ගත්තා. ඒ පුරාවිද්‍යා ක්ෂේත්රයේ මතුව ඇති ප්රමුඛ ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යි. සෙත්සිරිපාය 2වන අදියරේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ඡාවේදී පුරාවිද්‍ය ස්ථාන ආශ්රිත ගැටලු, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් වාර්තා කරන ලද ගැටලු, ක්ෂේත්රයේදී නිලධාරින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝවශයෙන් අවධානය යොමුවුණා.
පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර ඇති තොරතුරු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධව නිලධාරීන් ගෙන ඇතික්රියාමාර්ග පිළිබඳ කරුණු විමසා සිටියා.
මීට අමතරව පුරාවිද්‍යා ක්ෂේත්රය මතුවන ගැටලු සහ පුරාවස්තු සංහාරයන් පිළිබඳ තොරතුරු ජනතාවටවාර්තා කළ හැකිඅයුරින් අංක හතරකින් යුත් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හදුන්වා දීම සඳහා ක්‍රියාත්මක වන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
පුරාවස්තු ආරක්ෂා කිරීමට දායකත්වය ලබා දුන් පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහා පිහිටුවනු ලැබූ පුරාවිද්‍යා තෑගි අරමුදල අකර්මණ්‍ය වීමෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා මැදිහත් වන සාමාන්‍ය ජනතාව, පොලිස් දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ත්‍යාග පිරිනැමීම සඳහා පුරා වස්තු තෑගි අරමුදල නැවත සකස් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.
මීට අමතරව සේවයේ රාජකාරි කටයුතු සිදුකිරීමේදී පුරාවිද්‍යා නිලධාරින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු රැසක් පිළිබඳව ද මෙහි දී කරුණු සාකච්ඡා වුණා. ප්‍රවාහන ගැටලු ආරක්ෂාව සම්බන්ධ ගැටලු ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වූ අතර මතුවන ඕනෑම ගැටළුවක් වේ නම් ඒවා පුද්ගලිකව වුවද තමා වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා. පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් වන බවත් ඒ සදහා හැකි උපරිමයෙන් කැප වීම සියලු දෙනාගේම වගකීමක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.