මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ මනමේ, සිංහබාහු ඇතුළු නාට්‍ය රැසක් පාසල් විෂය නිර්දේශය තුළ වරින් වර ඇතුළත් ව පැවති අතර, මෙවර හඳුන්වා දෙනු ලැබූ 2019 නව උසස් පෙළ සිංහල විෂය නිර්දේශයටද සරත්චන්ද්‍ර මහතාගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය ඇතුළත් කර තිබෙනවා.
දේශීය නාට්‍ය කලාවේ ගමන්මඟ සකස් කරන්නට පුරෝගාමී මෙහෙවරක යෙදුණුමහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ට කෙෙරන ගෞරවනීය උපහාරයක් ලෙස, එම නාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා එදිරිවීර සරත්චන්ද්‍ර පදනම වෙත රුපියල් ලක්ෂ 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගත්තා.එදිරිවීර සරත්චන්ද්‍ර පදනම වෙනුවෙන් සරත්චන්ද්‍ර මහතාගේ භාර්යාව වන ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය අදාළ චෙක්පත භාරගත් අතර දේශීය රංග කලාවේ උන්නතිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්වුණා.

‘පෙමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය දැනට වේදිකාගත නොවන අතර, එය නව නිෂ්පාදනයක් ලෙස මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර පදනම මඟින් නිෂ්පාදනය කිරීමට නියමිතයි.