අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති සුහුරු පන්ති කාමර වැඩසටහන මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් හඳුන්වා දී තිබෙනවා.
මේ යටතේ, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නියාමන සුහුරු පන්ති කාමර (Smart Class Room) වැඩසටහනට සමගාමීව එම විදුහලේ විදුහල්පති ඇතුළුව සුහුරු පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුභවතුන් 7 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ආසියා අධ්‍යාපන පදනමෙහි (Asia Education Foundation) පුහුණු සංචාරයකට පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියා.
මෙහිදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන පද්ධතිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක් සහ පාසල් නිරීක්ෂණ සංචාරයකට ද මෙම කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවුණා. මෙම පිරිසට සුබාශිංසන එක් කළ අමාත්‍යවරයා, පුහුණුවෙන් ලබා ගන්නා දැනුම රටේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමට කැපවන ලෙස ද ඔවුන්ට උපදෙස් ලබාදුන්නා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුහුරු පන්ති කාමර වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ආසියා අධ්‍යාපන පදනම (Asia Education Foundation සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ලබාදෙන දායකත්වය පිළිබඳ ව ද සිය ස්තූතිය පළ කළා.