මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රගති සමාලෝචන සැසියක්ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේප්රධානත්වයෙන් ඊයේ(07) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මිල කල නොහැකි උරුමයමතු පරපුරට දායාද කිරීම සම්බන්ධව විශාල වගකීමක් පුරාවිද්යාදෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් පැවරෙනබවත් එම රාජකාරි ඉටුකිරිමේදී එම ආයතන නිසි සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්යවරයාතෝරාගත් ස්ථානයක පුරාවිද්යාත්මක් සංරක්ෂණ කටයුතු ඉටුකිරීම සදහා අනුමැතිය ලබා දීමේදී යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක්අනුගමනය කළ යුතු බවට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ ඇති ජාතික වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන හා සබැඳි සංචාරකව්‍යාපාරය සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා සංචාරකආකර්ශනය දිනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන වල මූලික යටිතලපහසුකම් සංවර්ධනය කඩිනම් කරන ලෙස ද නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නා. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේදී එම ස්ථානසංචාරකයන්ට විවෘත කර උපයාගත හැකි මූල්යමයලාභාපේක්ෂාවට වඩා එම ස්ථාන සංරක්ෂණය කිරීමේ ඇති ජාතිකවැදගත්කම සම්බන්ධව නිළධාරීන්ට දැනුවත් කළ අමාත්‍යවරයා දැනට ප්‍රචලිත නැති, නමුත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධව විධිමත් ගවේෂණයක් සිදුකර එම ස්ථාන සදහා නිසි සැලැස්මකින් සමන්විත විධිමත් සංරක්ෂණ ව්‍යාපෘති දියත්කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රකට නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හදුනාගැනීමේ කාර්යය සදහා මහජනතාවගේ සහයද ලබාගන්නා ලෙසයි. මෙම සියලු වැඩසටහන් වල අවසන් ප්‍රතිපලය විය යුත්තේ මෙරට අතීත උරුමයන් සහ ප්‍රෞඩත්වය අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර දීම බවත් සිහිපත්කල අමාත්‍යවරයා රටේ අභිමානය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම සදහාද එය මහගු පිටිවහලක් වන බවද සදහන් කළා.
මෙරට තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කරගැනීම සදහා තමා එහි විධායක කමිටු සාමාජිකයෙකු ලෙස උපරිමයෙන් දායක වන බව ද පැවසූ අමාත්‍යවරයා සැසිය අතරතුර නිළධාරීන් ක්ෂේත්රයේ මුහුණපානප්රායෝගික ගැටළු සම්බන්ධව ද ඍජු විසදුම් ලබාදීමට කටයුතු කළා.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල්හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අසෝක සිරිවර්ධන, පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රශාන්තමණ්ඩාවල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඇතුළු නිළධාරීන් රැසක් සහභාගිවුණා.