කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ ග්රන්ථ කර්තෘවරුන්, ප්‍රකාශකයින් සහ පාඨක, රසික පර්ශදවලට අයත් සාමාජිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන අතර, විවිධ ශානරයන්ට අයත් දේශීය හා විදේශීය පොත් රැසක් ඇතුළත් ප්‍රදර්ශන කුටි 300-400ත් අතර සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. එය සැප්තැම්බර් 24 වැනි දා දක්ව පැවැත්වීමට නියමිතයි.