නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්රතිලාභ දරුවන් වෙනුවෙන් ලබාදීමේ විප්ලවීය වෙනසට තමන් නායකත්වය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසනවා. ඒ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවතගම සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මුල්ගල් තැබීම් හා විවෘතකිරීමේ උත්සව අවස්ථාවන්ගෙන් අනතුරුව මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී පැවති ජනහමුවට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළා. පාසල්වල සනීපාරක්ෂක ,විදුලිය ඇතුළු යටිතල පහසුකම් වල සිට විශාල ගොඬනැඟිලි ඉදිකිරීම මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකතාවය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා “සුහුරු පන්ති කාමර” සංකල්පය සහ “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය පිළිබඳව ද කරුණු පැහැදිලි කළා.
වසරක 13 අඛණ්ඩ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා අ.පො.ස.(සා./පෙ.) විභාගය අසමත් වී බලාපොරොත්තු කඩ වී අසරණ වන දරුවන්ට යහපත් අනාගතයක් බිහිකිරීම වෙනුවෙන් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන ඔක්තෝබරයේදී ආරම්භ කරන බවත් තරුණ තරුණියන් වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කෙරෙන අනාගත විප්ලවීය වෙනස දැනටමත් අරඹා ඇති බවද සඳහන් කළා. මේ සියල්ල සහිත නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්රතිලාභ දරුවන් වෙනුවෙන් ලබාදීමේ විප්ලවීය වෙනසට තමන් නායකත්වය ලබාදෙන බවද මෙහිදී අවධාරණය කළා.