පාසල් මට්ටමින් පැවැත්වෙනතරඟ විභාග වලප්රතිථලප්රමාද වීම නිසා සිසු දරුවන් මුහුණපාන ගැටළුදෙස අවධානය යොමු කල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වසරේනිශ්චිත කාලසටහනකට අනුව ප්රධානවිභාග වලට අදාල ප්රතිථලවසරේනිශ්චිත දිනකදී නිකුත්කිරීමටවිභාගකොමසාරිස් ජනරාල් වරයාට නියෝග කරන ලදී.
නිශ්චිත දිනකදී ප්‍රතිථල නිකුත් කිරීම මගින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සමත් වන සිසුන්ට නව පාසල් සදහා කල් ඇතුව අයදුම් කිරීමත්, එමඅයදුම් කිරීම් වලට අදාල අභියාචනාවන් වෙතොත් ඒවා ඉදිරිපත් කිරීමත් සේම හය ශ්රේණියටඅදාලඅධ්යයන කටයුතු එළඹෙන වසරේජනවාරි මාසයේම ආරම්භ කිරීමටත් අවස්ථාවඋදාවේ.
තවද,උසස් පෙළ හදාරන දරුවන්ට තම ප්‍රතිථල ප්‍රමාද වීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා සදහා යොමුවීමේදී මතුවූ ප්‍රයෝගික අපහසුතාමඟහැරෙනු ඇත. එසේමප්රමාද වී ප්‍රතිථල නිකුත්වීම නිසා පාසල් සිසුන්ගේ වටිනා කාලය අපතේ යෑමද මෙම තීරණය අනුව වැළක්වී යනු ඇත.ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත්වූ වහාම හැකි ඉක්මනින් උසස් පෙළපන්තිආරම්භ කිරීමටත් උසස් පෙළ ප්‍රතිථල හැකි ඉක්මනින් නිකුත්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සදහාත් අවශ්‍යකටයුතු සුදානම් කර ඇත.මේ අනුව අපොස උ:පෙ විභාගයේප්රතිථලදෙසැම්බර් 27 වනදාත් , අපොස සාමාන්‍ය පෙළ ප්රතිථලමාර්තු 28 වනදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතුකරනු ඇත.
පසුගිය දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිථල එළබෙන ඔක්තෝබර් 05 වන දින නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සුදානම් කර ඇත.