බුදු දහමට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඒකීය රාජ්‍යක් ගොඩනැගීමට ප්‍රධාන පක්ෂ දෙක සමග එක් වන්නට දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ සෙසු ජනවර්ග නියෝජනය කරන පක්ෂ තීරණය කර තිබීම මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා (26) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් (කණිෂ්ඨ) තරගාවලියේ වයස අවුරුදු 13 න් පහළ 6 ශ්‍රේණියේ සිසුන්හට පදක්කම් සහ iy;slm;% m%odkh කිරීමේ උත්සවයට සහභාගි වෙමිණි.
ජාතික ගණිත හා විද්‍යා අංශයේ කණිෂ්ඨ මට්ටමේ තරග දොම්පේ සියනෑ ජාතික පාසලේ දී 2017 ජූනි මස 17 සහ 18 දිනයන්හි පැවැත්වූ අතර මෙහිදී කලාප හා පලාත් මට්ටමින් සිසුන් 113 දෙනෙකු තරග සඳහා ඉදිරිපත් විය. ඔවුන් අතරින් ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා රන් පදක්කම් 03, රිදී පදක්කම් 07, ලෝකඩ පදක්කම් 20 හා ජාතික තරගය සඳහා සහභාගි වූ සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ප්රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙවර ජාතික තරගය සඳහා සහභාගි වී ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 06 දෙනෙකු නොවැම්බර් මස 20 දින සිට 24 දක්වා සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර් ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් - 2017 තරගය සඳහා සහභාගිවිමට නියමිත අතර එම සිසු සිසුවියන් සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ද අමාත්‍යතුමා අතින් මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට, අතිරේක ලේකම්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.