ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ඒ වෙනුවෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවති අතර මූලික වශයෙන් ගැටලු හඳුනාගැනීම සහ ගැටළු විසඳාගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පසුගිය සාකච්ඡා වල අරමුණ වුණා. පසුගිය මස දොළොස්වෙනි දා පැවති එහි දෙවන සාකච්ඡා වටයේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමද සිදුවුණා. ඒ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දිගුකාලීන සහ කෙටිකාලීන ඉලක්කයන්ගෙන් සමන්විත වැඩසටහනක් සකස් කිරීමේ අරමුණින්.
ඒ අනුව එලෙස සකස් කරන ලද කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත බාරදීම ද අද සිදුකෙරුණා. එම වාර්තාව සකස් කිරීම සඳහා සිදත් වෙත්තමුනි , රොජර් විජේසූරිය, මහේල ජයවර්ධන , ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ද එක්ව තිබුණා.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කළ හැකි විශේෂ වැඩසටහන් සහ දිගු කාලයක් ගත වන වැඩසටහන් පිළිබඳ වෙන වෙනම කරුණු අධ්‍යයනය කරමින් ඒ සදහා කාල රාමුවක් සකස් කරන ලෙසයි.ප්රමුඛ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඒ සඳහා දිය හැකි උපරිම දායකත්වය ලබාදීමට තමන් නායකත්වය ලබාදෙන බවද සඳහන් කළා.
එමෙන්ම ඉදිරි වැඩ සැලසුම පිළිබඳ සියලු දෙනා එකව නුදුරේදීම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමටද එකඟතාවය පලවුණා.
මේ අවස්ථාවට රොෂාන් මහනාම, මුත්තයියා මුරලිදරන්,සිදත් වෙත්තමුනි , රොජර් විජේසූරිය, මහේල ජයවර්ධන , ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වුණා.