කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය සම්බන්ධව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ගැටළුවත්, ඒ සඳහා පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කිරීම හරහා කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීමත් සම්බන්ධව විශේෂ රැස්වීමක් පසුගිය දා(17) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර මහත්වරුන් සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන් ද, යුරෝපා සංගමය ද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මේ සම්බන්ධව කටයුතු කරන්නට ඉදිරිපත් වීම මෙහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණා.
රටේ සංවර්ධනය රඳාපවතින්නේ සමාජ උන්නතිය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා බවත්, එහි දී ස්ත්‍රීපුරුෂ සමාජභාවය, සමානාත්මතාව, සදාචාරාත්මක අයිතීන් ආදිය තුළින් සමාජ වෙනසක් ඇති කළ යුතු බවටත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර් මහතා මෙහිදී අදහස් පළ කළා. ලෝකය තුළ සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවිතය නිසා පැන නඟින ගැටළු ගැන දැනුවත්කම ඇති කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහමුලින් සමාජයෙන් බැහැර කිරීම වෙනුවෙන් දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම සම්බන්ධ ව තමා බෙහෙවින් සතුටට පත්වන බව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළා. පාසල් මට්ටමින් මේ සඳහා ඇති කළ හැකි ආකල්පමය වෙනස සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව සමාජය දැනුවත් කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහි දී විශේෂ අවධානය යොමු කෙරුණා.
කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් සම්පාදිත යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා, මහේල සහ කුමාර් දෙපළ පෙනී සිටින වීඩියෝ පටයක් ද මෙහි දී සභාගත කරනු ලැබුවා.