මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ සියලු ම ගුරුවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් හැකි සෑම පියවරක් ම ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.
ගුරු සේවයෙහි විශිෂ්ට ගුරුවරුන් අගයමින් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ගුරු ප්‍රතිභා ප්‍රභා - 2017 සම්මාන ප්රණාම උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
අපේ අධ්‍යාපන පද්ධතිය තුළ දෙලක්ෂ පනස්දහසක් පමණ ගුරුවරුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායකව සිටින බවත්, සේවයෙහි කැපවෙමින්, දැනුමෙන් යාවත්කාලීන වෙමින්, විශිෂ්ට අත්දැකීම් ඇසුරෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙමින් දරුවන් අතිවිශිෂ්ටයින් බවට පත් කරවන්නට සමත් ගුරුවරුන් ලෙස ඔවුන් සියලු දෙනාගේ වෘත්තීය සංවර්ධනය ඇති කරන්නට රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා. විශේෂයෙන් ම මින් පෙර වෙනත් කිසිදු රජයක් අවධානය යොමු නොකළ තරමේ සුවිශේෂ අවධානයක් යොමු කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කටයුතු කරන්නට හැකි වූ බව ද, ඒ සඳහා රුපියල් බිලියන දෙකක් වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
වසර ගණනාවක් තිස්සේ නිසියාකාරව ක්‍රියාත්මක නොවී තිබූ අධ්‍යාපන ක්ෂේත්රයේ පුරප්පාඩු සම්පූර්ණ කරන්නට රජය පියවර ගත් බවත්, ඒ අනුව කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විදුහල්පතිවරුන් 4000ක්, ගුරු අධ්‍යාපනඥයින් 1500ක් අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 852ක් පද්ධතියට එක්කරගැනීමට නායකත්වය ලබාදීමට තමාට හැකි වූ බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
ඔක්තෝබර් මස 5 වැනිදාට යෙදුණු ලෝක ගුරු දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික ගුරුදින සමරුවට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙවර සිය විශිෂ්ට සේවා කුසලතා වෙනුවෙන් විදුහල්පතිවරුන් 114 දෙනෙක් සහ ගුරුභවතුන් 282 දෙනෙක් සම්මාන හිමි කරගත්තා. මේ අතර පරිවේණාධිපතිවරුන් සහ පරිවේණාචාර්යවරුන් 18 දෙනෙක් ද වනවා.
වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් ලබාගැනීම සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළඹවීමත්, නවීන අධ්‍යාපන ව්‍යවහාර වඩාත් සාර්ථක අයුරින් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සිසු ගුරු සබඳතා තහවුරු කිරීමත්, අරමුණු කරගනිමින් මෙම ප්රණාම උලෙල පැවැත්වෙනවා. මෙහි දී අදහස් දැක්වූ ගරු කතානායක කරු ජයසූරිය මහතා තරුණ අමාත්‍යවරයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ක්ෂේත්‍රෙය් උන්නතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කළා.