පීඩාකාරී විභාග ක්‍රමවලින් බැහැරව සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබන්නට ලෝකයේ බොහෝ දියුණු රටවල් දරුවන්ට අවස්ථාව සලසා දී ඇති බවත්, ඉදිරියේ දී එවැනි රටවල් ආදර්ශයට ගනිමින් තරගකාරී විභාග සමතුන් වෙනුවට ප්‍රායෝගික ව ජීවිතයට මුහුණ දිය හැකි දැනුම සහ අවබෝධයෙන් යුත් දරුවන් අපේ අධ්‍යාපන පද්ධතියෙන් ගොඩනඟන්නට නොපැකිළී කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ඊයේ (23) කොළඹ ආරක්ෂක විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
සෑම ගුරුවරයෙක් ම තමා උගන්වන විෂයෙහි පශ්චාත් උපාධි මට්ටමක සිටිය යුතු බවත් දරුවන් දැනුමෙන් යාවත්කාලීන කළ හැකි, ඵලදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට දායක විය හැකි ගුරුවරුන් නිසා අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කළ හැකි බවත්, ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන දෙකක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම, දරුවන් කියවීමට යොමුකිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේ දී පාසල් මට්ටමින් කියවීම දිරිගැන්වීමේ සුවිශේෂ වැඩසටහන් හඳුන්වාදීමට නියමිත බවත්,මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන්, සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.