සංවර්ධන අරමුණු වලින් බොහොමයක් ඉටුකර ගන්නා මාර්ගය අධ්‍යාපනයයි
- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
එක්සත් ජාතීන්ගේ සංවිධානය අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රියාකාරී වැඩසටහනකට අද මුලපිරුවා.එ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සංවත්සරය ද සමරමින්.මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද අධ්‍යාපනය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
දරිද්‍රතාවය අවසන් කිරීම, පාරිසරික ආරක්ෂාව, සියල්ලන් වෙනුවෙන් සමෘධිමත්භාවය සහතික කිරීම ඇතුලු තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් 2030 වනවිට සපුරා ගැනීම වෙනුවෙන් රට පුරා සිසුන් පුහුණු කිරීම සහ දිරිගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සංවර්ධන අරමුණු වලින් බොහොමයක් ඉටුකර ගන්නා මාර්ගය අධ්‍යාපනය බවත් , රටේ ඉදිරි ගමන සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට මෙම වැඩසටහන් ඵලදායී වනු ඇති බවත් සදහන් කළා. ඒ වෙනුවෙන් ඔවුන් බල ගැන්වීම සදහාත් තිරසාර සංවර්ධන ඉලක්ක 2030 දී සාක්ෂාත් කර ගැනිම සඳහාත් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
2030 සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේ දී තරුණ පරපුරේ වැදගත්කම අවධාරණය කරමින් අදහස් පලකල එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය ශ්‍රී ලංකාවේ තරුණ පරපුර තිරසර සංවර්ධන නායකයන් ලෙස මේ සඳහා ක්‍රියාකාරිව සම්බන්ධ කරගැනීමේ වැදගත්කමද සිහිපත් කළා.