අතීත ශ්‍රී විභූතිය අපේ ජාතික උරුමය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරනු පිණිසත් දායාද කරනු පිණිසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මගින් සිදුකෙරෙන මහා ශාසනික මෙහෙවරකි. දිවයින පුරා විසිරී පැතිරී ඇති දොළොස්දහසකට අධික වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීමේ මෙම ජාතික වැඩසටහනට අනුව වෙහෙර විහාරස්ථාන 1000 මෙම වසර තුළ සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණයි.
බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එකවර මෙවැනි දැවැන්ත වැඩසටහනක් මෙරට ක්‍රියත්මක වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.
උතුරු නැගෙනහිර ද ඇතුළුව වෙහෙර විහාරස්ථාන 1000 මෙහි මූලික අදියරේදී සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500 කට ආසන්නයි.
මෙරට අතීත උරුමයන් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම මේ සඳහා යොදා ගැනීමද විශේෂත්වයක්.පසුගිය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා දූෂණ අක්රමිකතාවන්ට තිත තබමින් වර්තමානයේ විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් මෙන්ම කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඵලදායී වැඩසටහන් රැසක් දියත් කිරීමට අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වී තිබෙනවා.
ඒ අනුවපින් බිම් දොළොස්දහසක් යළි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවරයන්න තේම කරගනිමින් ක්‍රියාවට නංවා ඇති “සසුනෝදය” ජාතික වැඩසටහනේ එක් අදියරක් හෙට (4) අරලිය ගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.මෙහිදී වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන පරිත්‍යාග කිරීමට නියමිතයි.
මීට පෙර විහාරස්ථාන 150 සඳහා මුල්‍ය ප්‍රතිපාදන පිරිණැමුනු අතර මේවන විට එම විහාරස්ථාන බොහොමයක සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු අවසන් කර තිබීමද විශේෂත්වයක්.