ඉදිරියේ දී, සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු සේවයේ 03 – i ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පසුගිය දා පාර්ලිමේන්තු සැසිවාරයක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
2014 වර්ෂයේ දී අවිධිමත් ලෙස බඳවා ගන්නා ලද ගුරු සහයකයින්ගේ මාසික දීමනාව වත්මන් රජය බලයට පත්වන විට ද රුපියල් 6000 කට පමණක් සීමා වී තිබූ බවත් තමන් මැදිහත්ව කැබිනට් පත්‍රිකාවක් මඟින් එම දිමනාව රුපියල් 10000 ක් දක්වා වැඩිකළ බවත් අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව, ගුරු පුහුණු සහතිකය ලැබූ, සුදුසුකම් සපුරා ඇති සියලු ගුරු සහයකයින්, ඉදිරියේ දී ගුරු සේවයේ 03 - iශ්‍රේණිය සඳහා රුපියල් 31060 ක ආරම්භක වැටුපකට අන්තර්ග්‍රහණය කිරීමට සැලසුම් සකස් කර ඇති අතර ගුරු සහයක සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීම සඳහා ද වත්මන් රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.