“ අතීතයට යතුරක් අනාගතයට පාලමක් ” යන තේමාව යටතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අයත් පාසල් වෙත පුස්තකාල හා විෂය නිර්දේශයට අදාළ පොත් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිතයි.
පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම මෙන්ම රසාස්වාදය, දැනුම දියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනේ දී “ කලණ මිතුරු - පොත් සුමිතුරු ” යන තේමාව යටතේ පොත් කියවන පාසල් සිසුන් වෙත පදක්කම් ප්රදානය කිරීම සහ දීපව්‍යාප්ත කියවීම් තරඟය සඳහා නිල චක්‍රලේඛය නිකුත් කිරීම ද සිදුවීමට නියමිතයි.
මීට අමතරව, විශේෂයෙන් ප්‍රථම වරට සකසන ලද පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය එළි දැක්වීම ද හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
කියවීම ප්‍රවර්ධනය සඳහා දරුවන්ට කියවීමට සුදුසු පොත් සැපයීමටත්, පුස්තකාල එකතුව සංවර්ධනය කර ගැනීම සඳහා ඇතැම් පාසල්වලට ඇති අවස්ථාව අඩුවීමත් යන විෂමතාවයන් දුරුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙලෙස මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමෙනවා.