ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය සමඟ පෙරට යමින් තාක්ෂණික අභියෝග ජයගත හැකි පාසල් ප්‍රජාවක් මෙරට පාසල් පද්ධතියෙන් ගොඩනැංවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ව පවතිනවා.
ඒ අනුව, ලෝකයේ වේගයෙන් දියුණුවන ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය මෙරට පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමත්, අධ්‍යාපනය සඳහා යොදාගැනීමත්, ලෝක ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණ දිනය සැමරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මොබිටෙල් ආයතනය සහ RCS 2 (Research Creative Services and Sales) සමඟ එක්ව පසුගිය දා විශේෂ ත්‍රිමාන මුද්‍රණ කඳවුරක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණික පර්යේෂණ කණ්ඩායම්වලත්, ලංකාවේ ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණ ආයතනවලත් සම්පත් දායකත්වයෙන්, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මෙම ත්‍රිමාන මුද්‍රණ කඳවුර දින තුනක් පුරා පැවැත්වූ අතර, පරිගණක ආශ්රිත ත්‍රිමාණකරණය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ත්‍රිමාන මුද්‍රණකරණය පිළිබඳ පුළුල් දැනුමක් සිසුන් වෙත ලබාදීමටත්, සිසුන් විසින් නිපද වූ නිර්මාණ ඇගයීමට ලක්කිරීම හා ජයග්‍රාහක කණ්ඩායම් වෙත තිළිණ ප්‍රදානයත් මෙහි දී සිදුකෙරුණා.