එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සඳහා කුරුණැගල දිස්ත්‍රික්කයෙන් නියත ජයක් ’ - එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් නායක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය, නියත වශයෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණැගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූ බවත්, එබැවින් මෙවර ජයග්‍රහණය ද නියත බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා. වත්මන් රජය ජනතාව උදෙසා වන සිය වගකීම් නිවැරදිව ඉටුකර ඇති බවත්, එම සංවර්ධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.