අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ වතු ආශ්රිත පාසල් නඟාසිටුවීමටත්, ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් වේගවත් පියවර රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ අනුව, දිවයිනේ මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ හා සබරගමුව පළාත් 05ක සංවර්ධන අවශ්‍යතා සහිත, තෝරාගත් වතු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි. පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, ගුරු නිවාස ඉදිකිරීම හා අලුත් වැඩියා කිරීම, විද්‍යාගාර හා පරිගණක විද්‍යාගාර ඉදිකිරීම සහ ජල පහසුකම් ලබාදීමට අදාළ ඉදිකිරීම් ද මේ යටතේ සිදුකෙරෙමින් පවතිනවා. එමෙන් ම මෙම පාසල් සඳහා පන්තිකාමර සහ කාර්යාලයීය උපකරණ ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ යටතේ සංවර්ධන අවශ්‍යතා සහිත, හඳුනාගත් වතු පාසල් 32ක් සඳහා ලැප්ටොප් පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ලබාදීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.
විශේෂයෙන් ම වතු ආශ්රිත පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ හා නායකත්ව කුසලතා සංවර්ධනයටත්, ගුරුවරුන්ගේ ඉගෙනුම් ක්‍රමවේද සංවර්ධනයටත්, පාසල් සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීමටත්, වතු පාසල් නඟාසිටුවීම යටතේ සුවිශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව, වතුපාසල් සිසුන්ගේ ඉගෙනුම් සාධන මට්ටම ඉහළ නැංවීම හා විද්‍යාව සහ ගණිත විෂයභාර ගුරුභවතුන්ගේ ඉගෙනුම් ක්‍රමවේද දියුණු කිරීම සම්බන්ධව වැඩමුළු රැසක් ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් පවත්වා අවසන්. මේ හා සමගාමී ව වතු පාසල් විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ හා නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමට අදාළ ව ධාරිතා සංවර්ධන වැඩසටහන් ද පවත්වනු ලැබුවා.