පාසල් ක්‍රිකට් ජාතික තුන් අවුරුදු සැලැස්ම එළදැක්වීමේ උත්සවය හෙට පෙරවරු 9.30 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින්, පාසල් සිසු දරුවන් වෙත ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් ක්‍රිඩාව ජයගැනීමට අවශ්‍ය ශක්තිය සහ දැනුම ලබා දීම පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් තුන් අවුරුදු සැලැස්මේ අරමුණයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන සඳහා සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වීමට නියමිතයි.