දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ ලබාගැනීම වේගවත් වී තිබෙනවා.
මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වනවා. ඔක්තෝම්බර් 01 වන දා සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන බල ගැන්වුණා.
2018 ජනවාරි 09 වන දින වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලැබුණු සංඛ්‍යාත්මක දත්ත අනුව රු.ලක්ෂ 75 කට වඩා වැඩි මුදලක් රක්ෂණ ප්රතිලාභ ලෙස මේ වන විටත් සිසුන් වෙත ගෙවා අවසන්. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් සිට මේ මස දක්වා ගෙවීගිය තෙමස ඇතුළත රක්ෂණ ගෙවීම් සදහා ඉල්ලීම් 2246 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය දෙසැම්බර් 07 වෙනිදා පාසල් මට්ටමින් දීප ව්‍යාප්ත ව දියත් කළ දැනුවත් කිරීමේ වැඩසටහනින් පසු මෙලෙස ප්රතිලාභ ලබාගැනීමට පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණයේ යම් ඉහළ යාමක් ද සිදු ව ඇති බවයි වාර්තා වෙන්නේ.