නවීන තාක්ෂණය හා සන්නිවේදනයේ ව්‍යාප්තියත් සමඟ වේගයෙන් වෙනස්වන ක්ෂේත්රයක් ලෙස අධ්‍යාපනය හා නිපුනතා සංවර්ධනය හඳුනාගෙන සිටින බවත්, ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා වත්මන් පරපුර සූදානම් කරවිය හැකි පරිදි රටේ අධ්‍යාපන ක්ෂේත්රය හැඩගැස්විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශාලාවේ දී අද (19) පැවැති EDEX Expo අධ්‍යාපනික හා වෙළඳ ප්රදර්ශනයේසමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් දැක්වුවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි වසර 2030 වනවිට වර්තමානයේ පවත්නා ‘රැකියාව’ සහ පවත්නා ශ්‍රම බළකාය බොහෝ දුරට වෙනස් වන බවත්, පෙරවරු 9 සිට ප.ව 05 දක්වා සිදුකරන රැකියා වෙනුවට ඉන් මිදුණු රැකියා රටාවක් නිර්මාණය වීමෙහි ප්‍රවණතාවක් ඇති බවත් අනාවරණය වන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. අග්‍රමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෑතක දී අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දුන් 13 වසරක සහතික කළ අධ්‍යාපනය වැඩසටහන ඔස්සේ ඉදිරියේ දී කිසිම පාසල් දරුවෙක් සාමාන්‍යපෙළින් පසු ගෙදර නතර නොවන බවත්, උසස් පෙළ නව වෘත්තීය විෂය ධාරාව හදාරන්නට අවස්ථාව සලසා දීමෙන් අනාගත අභියෝගවලට මුහුණ දෙන වෘත්තීය සුදුසුකම්වලින් සපිරි දරුවන් පාසල් පද්ධතියෙන් ගොඩනැගෙන බවත් මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
අනාගත වැඩලෝකයට දරුවන් හුරුකරවිය හැකි පරිදි, අනාගත රැකියා අවස්ථාවන්ට දරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි පරිදි උසස් පෙළ සඳහා නව වෘත්තීය විෂයන් 26 ක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් නායකත්වය ලබාදීමට හැකිවීම ගැන තමා සතුටට පත්වන බව ද අමාත්‍යවරයා පැවසුවා. දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ සම්බන්ධවත්, අනාගත අධ්‍යාපන දිශානතීන් සම්බන්ධවත් පැහැදිලි ව හා නිරවුල් ව අවබෝධ කරගැනීමටත්, ඒ ඔස්සේ අනාගත වෘත්තීය ජීවිතය අභිමානවත් ව හැඩගස්වා ගැනීමටත්, බහුවිධ කුසලතා සහිත ව්යඔවසායකයින් බිහිකිරීමටත් මෙවැනි අධ්‍යාපනික ප්‍රදර්ශන අතිශයින් වැදගත් වන බව ද, ලෝකයේ නව අධ්‍යාපන හා නිපුනතා සංවර්ධන ප්රවණතා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් රටේ අධ්‍යාපන ක්ෂේත්රය හැඩගැස්වීමට සාමූහික ව එක්විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවස්ථාවට EDEX EXPO සභාපති කමල් අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.