නවතම පුවත්

ළඟම පාසැල හොඳම පාසැල යටතේ ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති ''දේශපාලන වාසි තකා'' ඇතැමුන් බලහත්කාරයෙන් විවෘත කළ බවට පැමිණිලි - අධ්‍යාපන අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී කියයි

ළඟම පාසැල හොඳම පාසැල යටතේ විසි දහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ශේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් ව්‍යාපෘති ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් නොදැනුවත්වම දේශපාලන වාසි තකා ඇතැමුන් බලහත්කාරයෙන් විවෘත කරන බවට පැමිණිලි ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එය අනුන්ගේ ළමුන්ට නම් තැබීමක් ලෙසයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.

Search