වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

මීතොටමුල්ල අනුජ නෙත්සර ශිෂ්‍යයා කොළඹ නාලන්දා විද්‍යාලයට

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ඛේදවාචකය හේතුවෙන් තම මව පියා හා සහෝදරිය ඇතුළු පවුලේ සියලු ම සාමාජිකයන් අහිමි වූ අනුජ නෙත්සර ශිෂ්‍යයා වෙත කොළඹ නාලන්ද විදුහලේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද මැදිහත් වූ අතර අනුජ නෙත්සර ශිෂ්‍යයාගේ සීයා ගේ ඉල්ලීමක් පිළිබඳව සානුකම්පිතව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා මේ අවස්ථාව සලසා දීමට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ඛේදවාචකය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බව සිහිපත් කළ අමාත්‍යවරයා අනුජ නෙත්සර වැනි දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ද සඳහන් කළා.

Category: Video Gallery | Created by: | Hits: 11384

Search