වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

රාජපක්ෂලාගේ සිහින වෙනුවෙන් ණය උගුලක සිරකළ ජනතාව මුදාගැනීම වත්මන් රජයේ අරමුණයි.

රාජපක්ෂ රජය විසින් තමන්ගේ සිහිනයක් ඉටුකර ගැනීම පිණිස රටේ ජනතාව ණය උගුලක සිරකරමින් ඉදිකළ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල උපායශීලී ක්‍රියාමාර්ග හරහා රටට හා ජනතාවට වාසිදායක ආකාරයකින් මෙහෙයවීමට වර්තමාන රජය කටයුතු කරන බව ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. කිසිදු විටක වත්මන් රජය ජනතාව පීඩාවට පත් නොකරන බවත්, බලය ලබාදුන් ජනතාව රැකගැනීම රජයේ වගකීමක් බවත්, පවතින තත්ත්වයට මුහුණ දෙමින් උපක්‍රමශීලීව කටයුතු සිදු නොකළ හොත් අතිවිශාල ණය බරක් සාමාන්‍ය ජනතාවගේ කරමත පැටවෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එසේම කිසිම ආකාරයකින් රටේ දේපළ විකිණීමට ඉඩ ලබා නොදෙමින් බදුදීමක් පමණක් සිදු කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා යොදාගන්නා ඉඩම් වලින් 95% ක් රජයේ ජනශූන්‍ය ඉඩම් බවත් සිහිපත් කළා. ඉතිරි පුද්ගලික ඉඩම් සඳහා ද නිසි වටිනාකම ගෙවීමට රජය පියවර ගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා කිසිදු පුරාවිද්‍යා ස්ථානයකට හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ද සඳහන් කළා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රාශියක් මේ හරහා ලබාගැනීමට හැකිවන අතර නව කර්මාන්ත රාශියක් ඉදිවීම මගින් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල කාර්ය බහුල ස්ථාන බවට පරිවර්තනය කළ හැකි බවද අමාත්‍යවරයා පැවසුවා. නව රජයේ මෙම වැඩපිළිවෙල හරහා ජනතාවට රැකියා අවස්ථා හා වරප්‍රසාද ලැබීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ හේතුවෙන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විපක්ෂය මතුකරන පදනම් විරහිත ප්‍රකාශයන්ට පිළිතුරු ලබාදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් සිල්වා හා ජාතික සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති උදේනි කලුතන්ත්‍රී යන මහත්වරුන් ද එක් වුණා.
Category: Video Gallery | Created by: | Hits: 5100

Search