වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

බංකොලොත් දේශපාලකයන්ට අද අවශ්‍යව ඇත්තේ මිනිස් බිල්ලක් ගැනීමටයි. රජය ඊට කිසිවිටක ඉඩ ලබාදෙන්නේ නැහැ.

බංකොලොත් දේශපාලකයන් ව්‍යාජ උද්ඝෝෂණ මවාපාමින් ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇති කරමින් කරමින් පොලීසිය සමග අනවශ්‍ය ගැටුමකට ගොස් මිනිස් බිල්ලක් ගැනිමට උත්සාහ කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ පසුගිය (18) දා පැවති කුලියාපිටිය ගල්ගම්මුල්ල මංසන්ධියේ සිට කබල්ලෑව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයට එක් වෙමින්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට බාධා කරමින් පසුගිය රජය කටයුතු කළ ආකාරයට වර්තමාන රජය කිසිසේත්ම කටයුතු නොකරන බව පැවසූ අමාත්‍යවරයා රජය විවේචනය කරමින් විරෝධතා දැක්වීමට සැම දෙනාටම අයිතියක් ඇති නමුත් රට තුළ පූර්ණ වෙනසක් ඇති කිරීමට යම් කාලයක් ගතවන බව ද සඳහන් කළා. වර්තමාන රජයට ජනතාව නීත්‍යානුකූලව වසර පහකට බලය ලබා දී ඇති බවත් එම ජන වරම අනුව රට සංවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද පැවසූවා. SITAM ගැටළුව පිළිබඳ අදහස් පළ කළ අමාත්‍යවරයා නියමිත අධ්‍යාපන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ඉඩ දිය යුතු බවත්, අවශ්‍යතාව වන්නේ ලබාදෙන උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම බවත් සිහිපත් කළා.
Category: Video Gallery | Created by: | Hits: 5076

Search