වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

ආපදා කළමනාකරණය පිළිබද පාසල් විෂයමාලාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර

මෑත කාලීනව ලොව පුරා බොහෝ දෙනාගේ විශේෂ අවධානයක් යොමුව පවතින ආපදා කළමනාකරණය හා ස්වභාවික විපත් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පාසල් විෂයමාලාව තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මේ වන විටත් ප්‍රාථමික (1-5 ශ්‍රේණි) විෂයමාලාවේ හා කණිෂ්ඨ ද්විතියික (6-11 ශ්‍රේණි) විෂයමාලාවේ විවිධ විෂය නිර්දේශයන් තුළ ආපදා කළමනාකරණය හා ස්වභාවික ආපදා පිළිබඳ කරුණු අන්තර්ගතව පවතින බවත්, මේ වසරේ සංවර්ධනය කර ඇති 3 ශ්‍රේණියේ නව විෂයමාලාවට මේ පිළිබද විස්තර වැඩිදුරටත් අන්තර්ගත කර ඇති බවත්, එය 2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එසේම 2019 වසරේ දී 4 ශ්‍රේණියේ විෂයමාලාවට ද ස්වභාවික විපත් පිළිබද කරුණු අන්තර්ගත කිරීමට නියමිත අතර, ස්වභාවික ආපදා පිළිබඳ අතිරේක කියවීම් පොත් කිහිපයක් හඳුන්වා දී ඒවා සියලුම පාසල් පුස්තකාල සදහා නිර්දේශ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.
Category: Video Gallery | Created by: | Hits: 5463

Search