වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නව තාක්ෂණය සමඟ ඉදිරියට

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සියලු ම පාඨමාලා අලුතින් යාවත්කාලීන කරන්නට ඉදිරියේ දී පියවර ගන්නා බවත්, කවර ක්ෂේත්‍රයක වුව ද, පෙරලිකාර වෙනස්වීම් සිදුකිරීම අභියෝගයක් වන නමුත් රටේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් එම අභියෝග ජයගන්නට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා (03) මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පරිගණක 80කින් සමන්විත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර දෙකක් විවෘත කිරීම සහ මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නිල වශයෙන් ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක් වෙමින්. පසුගිය රජය සමයේ ව්‍යවසායකත්ව හා කළමනාකරණ පාඨමාලා කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය මෙතැන් සිට වෙනත් පාඨමාලාවන් සඳහා ද ගුරුවරුන් පුහුණු කෙරෙන විද්‍යාපීඨයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව වර්තමානයේ මෙම විද්‍යාපීඨය මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නමින් හඳුන්වනු ලබනවා. ප්‍රාථමික අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, සහ තොරතුරු තාක්ෂණය පාඨමාලා සඳහා ඉදිරියේ දී මෙම විද්‍යාපීඨයට ශික්ෂණලාභී‍න් බඳවාගැනීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව 2014 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨවලට බඳවා ගැනෙන ශික්ෂණලාභී‍න් අතරින් 160 දෙනෙක් මෙම විද්‍යාපීඨයට බඳවාගැනීමට නියමිතයි. සෑම අවස්ථාවකදී ම පටු දේශපාලන අරමුණුවලින් තොරව තමා කටයුතු කරන බවත්, කිසිවිටෙකත් ක්ෂේත්‍රය තුළ සිල්ලර තීන්දු තීරණ ගැනීමට තමා සූදානම් නැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අලුතින් එක්ව සිටින අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ද අනාගතයේ දී කිසිවෙකුගේ දේශපාලන අතකොලු නොවී කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, ජාතික අධ්‍යාපන අායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර,ජාතික විද්‍යාපීඨ කොමසාරිස් කේ එම් එච් බණ්ඩාර, යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 12038

Search