වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පීඩාවට පත් දරුවන්ගේ මානසික තත්වය ඉහළ නැංවීම

හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් දරුවන්ගේ මානසික තත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහනක් හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික තත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ මනෝඋපදේශන වැඩසටහනක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මව්පියන්, සහෝදරියන්, නෑ හිතමිතුරන් අහිමි වීමෙන් සහ දේපළ අහිමි වීමෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික ශක්තිය ගොඩනංවමින් ඔවුන් නැවතත් ශක්තිමත් පුරවැසියක් ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙම විශේෂ මනෝ උපදේශන වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. දැනට දිවයිනේ සෙසු පාසල්වල ද සේවයේ නියුතු මනෝ උපදේශන ගුරුවරුන්ගේ සහ වගකිවයුතු අනෙකුත් සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙහි දී ජාතික පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුඛ සිසුන් සම්බන්ධ කරගනිමින් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන් සමඟ දුක-සතුට හුවමාරු කරගැනීමේ සහවේදන වැඩසටහනක් ද මීට සමගාමීව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

Category: Video Gallery | Created by: | Hits: 14147

Search