වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

දඹුල්ල ලෙන් විහාරය ආශ්‍රිතව මතුව ඇති ගැටලු

රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ(21)මාධ්‍ය හරහා මට චෝදනාවක් එල්ල කරනවා පුරාවිද්‍යාව සම්බන්ධ කරණා සහ රංගිරිදඹුලු විහාරය රජයට පවරා ගැනීමට යනවා කියල. සඟ සතු දේපල බලහත්කාරයෙන් අත්පත් කරගන්න රජයක් ලෙස අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි එහෙම ප්‍රතිපත්තියක කවදාවත් වැඩ කරලා නැහැ. පුරා විද්‍යා විෂය මගේ විෂයපථයට ඇතුළත් කරපු නිසා ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය ගැන ගැඹුරින් අපි අධ්‍යයනය කළා.මම රංගිරි දඹුලු රජමහ විහාරයේ සංචාරයක් කළා පෙබරවාරි මාසේ 11 වෙනිදා. එතකොට දැක්කා ඒ ලෙන් විහාර සහ චිත්‍ර නිසි අධීක්ෂණයකින් තොර වෙච්චි හින්ඳ ඒවාට වෙලා තියන හානිය. අක්‍රමවත් පරිපාලනය හින්ද දඹුල්ල පුරාවස්තු සහ චිත්‍ර එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්ව යාමේ අවදානමකුත් ඒ අවස්ථාවේ තිබුනා. මම යුනෙස්කෝ ආයතනයේ ලංකාවේ සභාපති ලෙසත්, විධායක කමිටු සාමාජිකයෙකු ලෙසත් කිසි ලෙසකින් මෙයට ඉඩදීමට පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ අනුව යුනෙස්කෝ ආයතනයේ කොමසාරිස් එරිනා බෝකොව මැතිනිය ලංකාවේ සංචාරය කරනවා. අපි එතුමිය සිගිරිය වගේම දඹුල්ල විහාරය බලනන්නත් කැඳවාගෙන යනවා. යම් කිසි පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෝක උරුමයක් ලෙස නම් කළ විට සංචාරක ආකර්ෂණය මෙන් ම එම රටට විශාල ගෞරවයක් එකතු වෙනවා. රංගිරි දඹුලු විහාරයේ සංචාරකයන්ගෙන් ගාස්තු අයකිරීමේ ක්‍රමයක් මධ්‍යම සංස්කෘතික අරමුදල අසුව දශකයේ සිට 1996 වෙනකම් ක්‍රියාත්මක කළා. නමුත් විහාර භාරකාර ස්වාමින්වහන්සේලාගේ දැනුම් දීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල මේ මුදල් එකතුකරන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. දඹුල්ල පුරා විද්‍යාත්මක ස්ථානයක් විදිහට 1976 අගෝස්තු 20 වෙනිදා අංක 1/295 යටතේගැසට් කරලා තියනවා. ඒ වගේම පුරාවිද්‍යා සංශෝධිත පනතේ 40(e) වගන්තිය අනුව එය නරඹන්න එන අයගෙන් ගාස්තු අයකරන්න ඉඩකඩ ලබා දීල තියනවා. අපි ක්‍රියාත්මක කරන්නේ ඒ බලයයි. ඒවගේම අපිට තියන ඒ අයිතිය පිළිබඳව නීතිමය තත්වයත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගෙන තියනවා. අපි මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ඉතා විශාල මුදලක් යොදවල තියනවා වෙහෙර විහාර සංවර්ධනය කරන්න. ගොඩගම මංගල හිමියෝ මට චෝදනා කරනවා විහාර වල වන්දනා කරන්න එන අයගෙන් ගාස්තුවක් අය කරන්න අපි කටයුතු කරනවා කියල. මම ඉතාම වගකීමෙන් කියනවා මධ්‍යම සංස්කෘතික අරමුදල ලංකාවේ කිසිම සිද්ධස්ථානයක් වන්දනාමාන කරන්න යන කිසිදු දේශීය බැතිමතෙක්ගෙන් කිසිදු ආකාරයක ගාස්තුවක් අයකරන්නේ නැහැ කියල. අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ.

Category: Video Gallery | Created by: | Hits: 14200

Search