වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

ඇතැම් පිරිස් සැලසුම් සහගතව නීතිවිරෝධී සිදුවීම් ඇති කිරීම ගැන රජය අවබෝධයෙන්

අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ඇතැම් පිරිස් සැලසුම් සහගතව නීතිවිරෝධී සිදුවීම් ඇති කිරීම ගැන රජය අවබෝධයෙන් සිටිනවා. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවස්ථාවාදී දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් සහගතව යම් යම් නීතිවිරෝධී සිදුවීම් ඇති කර පසුව එම සිදුවීම් පදනම් කරගෙන ජන ජීවිතයට බාධාවන අයුරින් උද්ඝෝෂණ හා වැඩවර්ජන කිරීමට ද එම පිරිස් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව, ජාතීවාදය ඇවිස්සවීමේ සිද්ධි සහ ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අත්පත් කරගැනීමේ සිද්ධිය අනුව පෙනී යන බවත් රජය මේ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අද (22) දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රජය විවේචනය කරමින් රජයට පහරදීමට ඇතැම් ජනමාධ්‍ය කටයුතු කළත් පසුගිය පාලන සමයේ දී මෙන් ජනමාධ්‍ය ආයතනවලට පහරදීමට වර්තමාන රජය කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. ළගම පාසල හොඳම පාසල වැඩසටහනට තෝරාගත් පාසල් 7,000 ක වැඩවිෂයයන් 18,500 ක් යටතේ එම පාසල්වල පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු හා පළාත්සභා නියෝජිතයින් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 5149

Search