වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

“සුරක්ෂා” රක්ෂණාවරණය

මාපියන්ට බරක් නොවී අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීම නව රජයේ අරමුණ බවත් ඒ සඳහා නිදහස් අධ්‍යාපනය මෙරට ස්ථාපිත කරමින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ විප්ලවීය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට පාසල් සිසුන් ලක්ෂ 45 ක් වෙත ලබා දෙන මෙම රක්ෂණාවරණය මගින් හැකිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සුරක්ෂා රක්ෂණාවරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර ඒ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමින්. පාසල් දරුවන් වෙත පෙළ පොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශිය අතරට රක්ෂණාවරණය ලබා දීම ද ඇතුළත්වන බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා මිලියන 4.5 ක් වන සියලු ම ශ්‍රී ලාංකික පාසල් සිසුන් “සුරක්ෂා” සිසු රක්ෂණ තුළින් ආවරණය වන බව සඳහන් කළා. ඒ අනුව සියලු ම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Category: Video Gallery | Created by: | Hits: 13698

Search