වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

suraksha video 01

"සුරක්ෂා" සදා සුරකිමු දැයේ දරුවන්. · ලෝක ළමා දිනය යෙදෙන අද (ඔක්තෝබර් මස 01) දා සිට ක්‍රියාත්මකයි · ලක්ෂ 2 ක රක්ෂණාවරණයෙන් රුපියල් ලක්ෂ 5 කට අධික ප්‍රතිලාභ මාපියන්ට බරක් නොවී අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීම නව රජයේ අරමුණ බවත් ඒ සඳහා නිදහස් අධ්‍යාපනය මෙරට ස්ථාපිත කරමින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ විප්ලවීය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට පාසල් සිසුන් ලක්ෂ 45 ක් වෙත ලබා දෙන මෙම රක්ෂණාවරණය මගින් හැකිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. පාසල් දරුවන් වෙත පෙළ පොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශිය අතරට රක්ෂණාවරණය ලබා දීම ද ඇතුළත්වන බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා මිලියන 4.5 ක් වන සියලු ම ශ්‍රී ලාංකික පාසල් සිසුන් “සුරක්ෂා” සිසු රක්ෂණ තුළින් ආවරණය වන බව සඳහන් කළා. ඒ අනුව සියලු ම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම් ගත “ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව” විසින් 2017 ඔක්තෝම්බර් 01 දින සිට පැය 24 ම ආවරණය වන පරිදි සියලුම පාසල් දරුවන් සඳහා මෙම රක්ෂණාවරණය බලාත්මක කරනු ඇති. මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය‍ සහ විශේෂ ප්‍රසාද දීමනා ලෙස අංශ තුනකින් සමන්විත වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් නේවාසික ප්‍රතිකාර සඳහා රු 200,000/-ක ප්‍රතිලාභ හා බාහිර ප්‍රතිකාර සඳහා තෝරාගත් රෝගවලට අදාළව ඖෂධ, වෛද්‍ය ගාස්තු හා පරීක්ෂණ සඳහා රු10,000/-ක ප්‍රතිලාභ වාර්ෂික ව හිමි වේ. හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ, අනතුරකින් ශිෂ්‍යයෙකු මියයාමේ දී දෙමාපියන්ට අවමංගල්‍ය කටයුතු සදහා රු. 100,000/- ගෙවීමක් සහ අනතුරකින් මව/පියා මියයාමක දී රු 75,000/- ශිෂ්‍යයාට ගෙවීමක් ද සිසුන්ට සිදුවන අබලතාවක දී රු 100,000/- ක් දක්වා උපරිමයක ප්‍රතිලාභ ද ලැබේ. විශේෂ ප්‍රසාද දීමනා යටතේ පුද්ගලික රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තුවලින් 20% ක අඩු කිරීමක් හිමිවේ. එසේ ම පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී මෙන් ම රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රු 1,000/-ක් බැගින් දින 30ක් දක්වා දීමනාවක් ලැබෙන අතර රෝහල්ගත වීමකින් තොර ව වුව ද ශල්‍යකර්ම සඳහා ප්‍රතිලාභ හිමිවේ. රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවල දී සිසුන් ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම මගින් පාසල් පැමිණීම ඉහළ නැංවීම, වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම, ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමට සහාය වීම ද “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම මගින් අරමුණු කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවේ වර්තමාන යහපාලන රජය විසින් පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න සිසු දරුවන් වෙත ලබා දුන් මෙම රක්ෂණාරවරණය මින් පසු බලයට පත්වන සෑම රජයක් විසින් ම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවයි. යහපාලන රජය විසින් ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලියට ඇතුළත් වූ පාසල් දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාවක් අනුව “දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරුණා.

Category: Video Gallery | Created by: | Hits: 5637

Search