වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

රටෙහි ඒකිය භාවය ආරක්ෂා කරමින්, බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ රාමුව තුළ ඉල්ලීම් ලබාදිය හැකියි

“ රටෙහි ඒකිය භාවය ආරක්ෂා කරමින්, බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ රාමුව තුළ සිටිමින් අනෙකුත් සියලු ඉල්ලීම් ලබාදිය හැකියි ” - සසුනෝදය ජාතික වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියයි. රටෙහි ඒකිය භාවය ආරක්ෂා කරමින්, බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ රාමුව තුළ සිටිමින් අනෙකුත් සියලු ඉල්ලීම් ලබාදිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය දා අරලියගහ මන්දිරයේ දී “ පින් බිම් 12000 ක් යලි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර ” යන තේමාව පෙරදැරි කරගත් සසුනෝදය ජාතික වැඩසටහනට අදාළව, විහාරස්ථාන 1000 ක ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ මෙවන් සත් ක්‍රියාවකට නායකත්වය ලබා දීම පිළිබඳව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හට සිය කෘතවේදීත්වය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ මෙලෙස විහාරස්ථාන සඳහා මූල්‍යධාර පිරිනැමුනේ නම්, මීට පෙර පැවති රජයන්, එම කාර්යය සිදු කිරීමට අපොහොසත් වූයේ ඇයි ?, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය ලද ආදායම පෙර පැවති රජයන් සමයේ දී කළමනාකරණය වූයේ කෙසේ ද ? යන්න මෙහි දී ප්‍රශ්න කළා. එමෙන්ම, පැවති රජයන් අතුරෙන් බොද්ධාගම සඳහා දැවැන්තම සේවය සිදුකරන්නේ පවතින යහපාලන රජය බවත් මෙම මහා ජාතික කර්තව්‍යය ඉදිරියට ම පවත්වාගෙන යාම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

Category: Video Gallery | Created by: | Hits: 6208

Search