වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

අනාගතයට සුරක්ෂිත ව පාතබන්නට දරුවන්ට දිරියක් වෙමින් පහසුකම් අඩු පාසල් දරුවන්ට පාවහන් තිළිණපත්

දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතීන් තවදුරටත් තහවුරු කරමින්, ආර්ථික අපහසුතා සහිත හඳුනාගත් පාසල් දරුවන් වෙත 2018 වසර සඳහා පාවහන් තිළිණපත් ලබාදීමේ නිල වැඩසටහන අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා‍. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ වටිනා ම සම්පත දරුවන් බවත්, දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය තුළින් ශක්තිමත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත්, එහි තවත් වැදගත් පියවරක් ලෙස කැබිනට් අනුමැතිය ලබාගනිමින්, 2018 වසරේ සිට හඳුනාගත් පාසල් දරුවන් වෙත පාවහන් තිළිණපත් ලබාදීමට පියවර ගත් බවත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවේ දුෂ්කර, අතිදුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ, හදුනාගත් අවශ්‍යතා සහිත පාසල් 4469ක සිසු දරුවන් 647200 දෙනෙක් වෙනුවෙන් 2018 වසර සඳහා පාවහන් තිළිණපත් පිරිනැමෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකර ඇති මුදල රුපියල් මිලියන 853ක්. ‍2017-12-31 දින දක්වා මෙම තිළිණපත් සඳහා පාවහන් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සියලු වෙළඳසැල් හිමියන් මේ වනවිටත් දැනුවත් කර තිබෙනවා. මෙම පාවහන් තිළිණපත් කාණ්ඩ 4කින් නිකුත් කර තිබෙන අතර, 1-3 ශ්‍රේණි දරුවන් සඳහා නිකුත් කර ඇති තිළිණ පත් වටිනාකම රුපියල් 1200ක් ද, 4-5 ශ්‍රේණි සඳහා තිළිණපත් වටිනාකම රුපියල් 1300ක් ද, 6-9 ශ්‍රේණි සඳහා තිළිණපත් වටිනාකම රුපියල් 1400ක් ද වන අතර, 10 13 ශ්‍රේණි සඳහා රුපියල් 1500ක් වටිනා තිළිණපතක් ලබාදීමට කටයුතු කෙරෙනවා. වෙ‍ළඳ සැල් හිමියන්ට මෙම තිළිණපත් බැරකළ හැක්කේ ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් ‍සඳහා පමණක් වන අතර, මෙම තිළිණපත් 2018-01-15 දින දක්වා බැංකුගතකිරීම සිදු කළ හැකි බවට ද සියලු වෙ‍ළඳසැල් හිමියන් දැනුවත් කර තිබෙනවා. දරුවන් වෙනුවෙන් සිදුකෙරෙන මෙම ජාතික සද්කාර්යයට ශක්තියක් වෙමින්, සියලු පාවහන් තිළිණපත් සඳහා සාධාරණ වට්ටමක් සෑම දරුවෙකුට ම ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සියලු වෙළඳ සැල් හිමියන්ට විවෘත ඉල්ලීමක් ද සිදුකළා. මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 6706

Search