වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

2016 10 14 anula vidyalaya exhibition

සියලු දෙනාට සාධාරණය ඉටුවන පරිදි අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා ඇති කිරීමට නොබියව ක්‍රියාකරනවා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිසුන්ට ඉගෙනීමට සුදුසු මානසික පරිසරයක් පාසල් පරිශ්‍රය තුළ ඇතිකිරීමේ අරමුණින් සහ අනාගත අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි දිවයිනේ සියලුම පාසල් ගොඩනැගිලි හා භූමි සැලසුම සකස් කිරීමට කටයුතු යොදා ඇති බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ අද (14) උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ අවසන් දින ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. සියලු දෙනාට සාධාරණය ඉටුවන පරිදි අධ්‍යාපන ඉඩප්‍රස්ථා ඇති කිරීමට නිශ්චිත දැක්මක් අනුව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ දී ජනප්‍රියත්වය හෝ බලයේ රැඳී සිටීම හෝ බලය පවත්වාගෙන යාම ගැන නොසිතා කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා නිවැරදි ප්‍රතිපත්තියක් මත පිහිටා සැමවිටම තමා සාධාරණව හා පිරිසිදුව කටයුතු කරන බව අවධාරණය කළා. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා විසින් 1941 දී බෞද්ධ පාසලක් ලෙස නුගේගොඩ අනුලා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් පිරීම නිමිත්තෙන් තෙදිනක් පුරා මෙම ප්‍රදර්ශනය හා උත්සවය පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා සිසු දැරියන් විසින් ඉදිකර තිබූ ප්‍රදර්ශන කුටි හා සිසු දක්ෂතා නිරීක්ෂණයට ද එක් වූ අතර පන්ති කාමරයේ දී ලබාගත් දැනුම නිර්මාණශීලීව භාවිතා කර සිසුවියන් තමන්ගේ ප්‍රදර්ශන කුටි හා ඉදිරිපත්කිරීම කර තිබීම ඇමතිවරයාගේ ඇගයීමට ද ලක් වුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිනිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 5322

Search