වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

සංහිඳියාව, සහජීවනය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙනයාමට, උදාවී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගත යුතුයි

උතුරු, දකුණු භේදයකින් තොරව, සම්පත් සමාන පරිදි බෙදාහැරීමට කටයුතු කිරීම වත්මන් රජයේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පාසල් දරුවන් සහ ගුරුවරුන්ගේත්, අධ්‍යාපන අමාත්‍යාංශයේත් දායකත්වයෙන් ඉදිකෙරුණු සෙනෙහසක තොටුපොළ අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට පසුගිය දා (28) එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සංහිදියාවෙන්, සහජීවන‍යෙන් සහ එකමුතුබවින් යුක්තව රටක් ලෙස ඉදිරියට යාමට උදාවී ඇති අවස්ථාවෙන්, ලොව අන් රටවලට ද ආදර්ශයක් වෙමින් උපරිම ඵල නෙලා ගත යුතු බව ද සඳහන් කළා. ලෝකයේ සියලු රාජ්‍යයන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව ඇති මෙම විරල අවස්ථාවෙන් පක්ෂ, පාට භේදයන් පසෙක ලා උපරිම ප්‍ර‍යෝජන ගත යුතු බවද අමාත්‍යවරයා සිහිපත් කළා. දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් සිසු දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට මෙම ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග ලබා දී ඇති අතර සියලුම පාසල් ගුරුවරුන් ද මේ සඳහා රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීමට දායක වී තිබෙනවා. මෙම දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 22 කට අධික මුදලක් වැය වී ඇති අතර, පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල්වලට අමතරව ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබා දී තිබෙනවා. අලිමංකඩ දුම්රිය ස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. සාමූහිකත්වය, සංහිඳියාව හා සහජීවනය දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන්ගේ හදවත් තුළ ද පුරවාලමින් අද පෙරවරු 11.58 ට යෙදුණු සුබ මොහොතින් “සෙනෙහසක තොටුපොළ” නම් වූ අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කෙරුණේ අනුරාධපුරයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය සහ යාපනයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය අලිමංකඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුවයි. තිස් වසරක යුද ගිනිදැල් මැද කැඩිබිඳී ගිය දුම්රිය නැවතුම පමණක් නොව උතුරු දකුණු සහෝදරත්වයේ හදවත් ද සෙනෙහසින් යා කෙරෙන අවස්ථාවක් බවට පත් වූ මෙම සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සංකල්පයක් අනුව, පාසල් දරුවන් තුළ සාමය, සංහිඳියාව, සහෝදරත්වය ඔප් නැංවෙන අයුරින් සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වුණා.
Category: Video Gallery | Created by: | Hits: 4932

Search