වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සඳහා පසුබට වන්නේ නැහැ’

ලෝක රැකියා වෙළඳපොලට සරිලන පරිදි නවීන තොරතුරු තාක්ෂණ හැකියාවලින් සමන්විත තරුණ පිරිසක් බිහිකිරීම අරමුණු කරගත් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් පල කළේ අද (25) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලියේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්. රට සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු පුරෝගාමී ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපොහොසත්වීමේ ප්‍රතිඵලයක් ලෙස තරුණ ප්‍රජාවට වර්තමානයේ රැකියා වෙළඳපොල ජයගැනීමට බාධා මතු වී ඇති බවත් සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා එම බාධක ඉවත් කරමින් නූතනත්වයට ගැළපෙන පරිදි තොරතුරු සන්නිවේදන ආශ්‍රිත දැනුමෙන් පාසල් සිසුන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් අරඹා ඇති බව සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා එහි එක් සුවිශේෂී පියවරක් ලෙස උසස් පෙළ දරුවන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට තීරණය කළ බව ද පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය (UCSC), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය(FITIS) සහ ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) සමග එක්ව 2009 වර්ෂයේ සිට ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය ක්‍රියාත්මක කරනු ලබනවා. මේ යටතේ මාර්ගගත මෘදුකාංග තරගාවලිය (NSSC), තරුණ පරිගණක විද්‍යාඥයා තරගාවලිය (YCS) හා නිර්මාණාත්මක ගුරු තරගාවලිය යටතේ තරග පවත්වා ඉන් ජයග්‍රහණ ලබාගත් අය ඇගයීමට ලක් වුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාවේ නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 5102

Search