සම්බන්ධිත පුවත්

ටිරාන්ගේ අලස් මහතාගේ නිවසට බෝම්බ ගැසීම ඉතා පහත් නින්දිත වැඩක්: අකිල විරාජ් !

tiran20alles2අද පාන්දර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ ලේකම් හා ජාතික සංවිධායක ටිරාන් අලස් මහතාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුගේ ජීවිතය පවා හානිකිරීමට රජය ගත් නින්දිත ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බව එජාප ජාතික යොවුන් පෙරමුණේ සභාපති අකිල විරාජ් කරියවසම් මහතා ප්‍රකාශ කරයි. මෙය ඉතා පහත් නින්දිත වැඩක් බවත් ටිරාන් අලස් කියන්නේ රජයට විරුද්ධ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක්. ඔහුගෙන් මීට ඉස්සෙල්ලත් විවිධ අයුරින් මේ රජය පලි ගෙන තිබෙනවා. දැන් ගෙදරටත් බෝම්බ ගහලා. ඒක ඉතාමත් කැත වැඩක් ලෙස වැඩිදුරටත් කියා සිටියේය.

Search