ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළේ ජාතික සමගිය සහ සංහි`දියා කාර්යාංශය හා ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය ඒකාබද්ධව ”විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි” යන මැයෙන් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් රචනා හා චිත්‍ර තරඟාවලියේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
පසුගිය දශක තුන තුළ රටේ පැවති ජාතික අසමගිය නිසා ජාතියක් ලෙස අප පසුපසට ගොස් ඇති බව පැවසු අමාත්‍යවරයා දැන් අප හට නව ගමන්මගට යොමු වීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන්නා. පසුගිය දිනවල දී සිදු කරන ලද ගුරු මාරුකිරීම් ජාතිවාදී පදනම මත සිදුකළ බවට ඇතැම් පාර්ශව එල්ල කළ චෝදනා පිළිනොගන්නා බව පැවසූ අමාත්‍යවරයා ඒවා දුර්වල සහ කුහක මිනිසුන් විසින් නගන අඳෝනා බව ද ප්‍රකාශ කළා. එමෙන්ම අධ්‍යාපනය ලැබීම තුළ මිනිසුන් ජාතියක් ලෙස ශක්තිමත් වන බවත්, අප රට ගොඩගැනීමේ එකම මග දරුවන්ට හො`ද අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මෙහි දී අමාත්‍යවරයා අතින් ජයග්‍රහණ ලැබූ සිසු දරුවන් වෙත සහතිකපත් හා ත්‍යාග ප්‍රධානය කෙරුණු අතර විවිධ ප්රසංගයන්ගෙන් උළෙල වර්ණවත් වී තිබුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවති මෙම උත්ස්වයට, ජාතික සමගිය සහ සංහි`දියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුලූ ආරාධිතයින් රැසක් එක්ව සිටියා.
රෝහලේ ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලුව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට අදාළ විෂය කොටස් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඒ අනුව වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනා ගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගිය (31) දා සිදු කෙරුණා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවත පාසලට ගිය විට අදාළ විෂය කොටස් අතපසු වීම නිසා බොහෝ අවස්ථාවලදී එම සිසුන් පාසලින් ගිලිහෙන්නන් බවට පත්වන බැවින් එම දරුවන්ට ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් සෙසු රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ නාලන්දා විදුහලට අනුයුක්තව පත්වීම් ලැබ වසරක සේවා කාලයක් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්ත කරනු ලැබ සිටින මෙම ගුරුවරුන් අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 04 දෙනෙකු සහ (01) එක් දෙමළ මාධ්‍ය ගුරුවරයකු සිටිනවා.
අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්වයත් සමඟ අදාළ ප්‍රදේශයට වැඩි වශයෙන් අකුණු අනතුරු පැවතීමේ අවදානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති හිමියන් ද ප්‍රකාශ කොට තිබුණා.
මෙවැනි ලෝක පූජිත බෞද්ධ උරුමයන් රැකගැනීම සම්බන්ධව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතාට උපදෙස් ලබාදුන්නා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා අදාළ විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයට පිටත් කර යැවීමට පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතා පියවර ගෙන තිබෙනවා.
තරුණ අමාත්‍යවරයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකරන මෙහෙවර අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන්ගේ පැසසුමට.
බෞද්ධ ධර්මය ප්‍රචලිතව ඇති ලෝකයේ සියලු රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරුණා.ඒ ඊයේ අවසන් වූ ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේදී.මෙම සමුළුවට ලෝකයේ ඇති ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායන් 05 වන ථේරවාදී, මහායාන, තන්ත්රයාන, වජ්රයාන සහ සෙන් යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ ගිහි නියෝජිතයින් රැසක් එක්ව සිටියා.
මාතලේ මිල්ලවාන මහා විද්‍යාලයේ දි පැවති අවසන් සැසිවාරයේ දී අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන්, තරුණ අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙසත්, දූරදර්ශී දේශපාලඥයෙකු ලෙසත්, දැනඋගත් මන්ත්‍රීවරයෙකු ලෙසත් මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකිරීමේ හැකියාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ඇති බව පෙන්වා දුන්නා.එම අධිෂ්ඨානය පෙරදැරි කරගනිමින් දෙස් විදෙස් රටවල තරුණ භික්ෂුන් වහන්සේ ද සම්බන්ධ කරගිනිමින් කටයුතු කිරීමේ වැදගත් කම ද අවධාරණය කළ උන්වහන්සේ, අධ්‍යාපන අමාත්‍යතුමන් සමග එක්ව එම කටයුත්ත ඉදිරියට සිදුකිරීම මඟින් මෙරට තරුණ ප්‍රජාවට පිළිසරණක් විය හැකි බව ද සිහිපත් කළා.
උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, බුද්ධශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගනිමින් මේ වන විට වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත්, ඉදිරියටත් සිදුකරන බවත් අවධාරණය කළා. මේ වසරේ දී බෞද්ධ විහාරස්ථාන 750 ක් සංවර්ධනය කිරීම සඳහා අවමය රුපියල් ලක්ෂ 05 බැගින් වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර ගෙන ඇති බවත්, තවත් විහාරස්ථාන 250 කට මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මීට මාස 02 කට පමණ ඉහත දි මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවත් සිහිපත් කළා.
මීට අමතරව පැරණි බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම උදෙසා ද විශේෂ වැඩසටහනක් දියත් කිරීමට තමා නායකත්වය ලබා දී ඇති බව ද පෙන්වාදූන් අමාත්‍යවරයා, පිරිවෙන් පද්ධතිය සංවර්ධනය කරමින් මෙරට බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් පළ කළා. නුදුරේදීම පිරිවෙන් වල අධ්‍යයන කටයුතු වල නිරත ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රුපියල් 2500 බැගින් වන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.දේශපාලඥයෙකු ලෙසත් අමාත්‍යවරයෙකු ලෙසත් බෞද්ධ දර්ශනය අනුව ජීවත් වීම තම අරමුණ බව ද මෙහිදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
දකුණු කොරියාව, තායිලන්තය, ජපානය, මියන්මාරය සහ ලාඕසය ඇතුලු රටවල් 24 ක් මෙවර ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේලනයට එක්ව සිටියා.ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන්, සම සභාපති පූජ්‍ය ශී කුආම් රූ හිමියන් සහ සම සභාපති පූජ්‍ය බගවාන් සී ජී විමලකීර්ති හිමියන් ඇතුලු ගිහි පැවදි ආරාධිතයින් රැසක් මීට එක්ව සිටියා.
අතුරු ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන පදනම් විරහිත විරෝධතා රජයට අභියෝග නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
මෙය අතුරු ව්‍යවස්ථා කෙටුම් පතක් පමණක් බවත්, ඒ පිළිබ`දව අදහස් දැක්වීම ස`දහා මහජන නියෝජිතයින් වෙත මේ වන විට එය ඉදිරිපත් කර ඇති බවත්, ඉදිරියේ දී ඒ පිළිබ`ද සියලූ පාර්ශවයන්ගේ එක`ගතාව මත නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ආමාත්‍යවරයා කියා සිටියේ එම කෙටුම් පතට එරෙහිව ඇතැම් පාර්ශව ගෙන යන හුදෙකලා සටන් අභියෝග ලෙස පිළිගත නොහැකි බවයි. රජයක් ලෙස තමන් ලද ජනතා වරමට සාධාරණයක් ඉටු කරමින් මෙලෙස නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවත්, එම වරම තව තවත් ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක බහුතර බලය උපයෝගී කරගනිමින්, ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මෙන්ම විවිධ පාර්ශවයන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින්,සියලූ පාර්ශවයන්ගේ එක`ගතාව මත ජනතාවට ලබා දුන් එම ප්‍රතිඥාව ඉටුකිරීමට රජය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ගුරුවරුන් පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරිය කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. පසුගියදා (27) පැවති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළා.පසුගිය දිනවල සිදු කළ ගුරු මාරුව වැඩසටහන සම්බන්ධයෙන් ගුරුවරුන් දැක්වූ අදහස් කිහිපයක් ද සිහිපත් කළ අමාත්‍යවරයා, ගුරුවරුන් මාරු කිරීම නොව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ගුරු මාරුව සිදුකරන්නේ කෙසේදැයි කෙනෙකු තමාගෙන් විමසූ බවද සඳහන් කළේ සිනහ මතුකරමින්.
කිසිදු තීරණයක් කිසිවකු සමඟ ද්වේශ සහගතව නොව පද්ධතියේත්,අධ්‍යාපන ක්ෂේත්රයේත් උන්නතිය වෙනුවෙන් ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා,කලට වෙලාවට ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි නොගැනීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව ද සිහිපත් කළා.මෙවැනි තත්ත්වයක් මත අකාර්යක්ෂම වී ඇති පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් ගත හැකි ගත හැකි සෑම පියවරක්මගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉදිරියේදී ගුරු වෘත්තිය ඉහළ වැටුපක් සහිත වෘත්තියක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ දී පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්ස්වයට එක් වෙමින්.
ඉදිරියේ දී නව ගුරුවරුන් 15000 ක් පමණ බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ලෙස විද්‍යා පීඨ සඳහා බඳවා ගැනෙන සංඛ්‍යාව වැඩි කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝකයේ ඇති සියලූ වෘත්තීන් අතුරින් ශ්‍රේෂ්ඨතම වෘත්තිය වන්නේ ගුරු වෘත්තිය බවත් අනෙකුත් සියලූ වෘත්තිකයින් බිහිකිරිමේ හැකියාව පවතින්නේ ද ගුරු වෘත්තියට පමණක් බවයි. එම නිසා රට තුළ පූර්ණ වශයෙන් පරිවර්තනයක් කිරීමේ හැකියාව ගුරුවරුන් සතුව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පසුගිය දා කැකිරාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටිය දී ගැබිණියකැයි චෝදනා ලැබ එම පාසලෙන් ඉවත් කළ දැරිය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සෑම දරුවෙකුම තමන්ගේ දරුවෙකු ලෙස සිතන්නේ නම් කිසිලෙසකින් මෙවැනි සිදුවීම් ඇති නොවන බව ද පැවසුවා. ක්ෂේත්රයේ නියුතු සියලූ වගකිව යුතු පුද්ගලයින් වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කල අමාත්‍යවරයා, අදාළ දැරිය ජාතික පාසලකට ඇතුළත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් එම දැරියට මසකට රුපියල් 3000 බැගින් ශිෂ්‍යාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ස`දහන් කළා.
මෙම උත්සවයේ දී විවිධ විෂය දක්ෂතා දැක්වූ කොළඹ ආනන්ද බාලිකා සිසු දැරියන් වෙත අමාත්‍යවරයා අතින් සම්මාන, සහතික පත් සහ ත්‍යාග ප්රදානය කෙරුණා.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ ගැට`එව සම්බන්ධයෙන් රජය කවර ආකාරයේ විස`දුමක් ලබා දුන්න ද ඇතැම් පාර්ශව එය පිළිනොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (31* පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
බොරුවට නිදා සිටින අය ඇහැරවිය නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම ගැට`එව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් සිටින බවත්, කුමන විස`දුම ලබා දුන්න ද ඔවුන් ඒවා පිළිනොගනිමින් කටයුතු කරන බව ද පෙන්වා දුන්නා.
අනාගතයේ දී පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීම තම සිහිනයක් වී ඇති බවත් එම සිහිනය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි කරගත් මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.අමාත්‍යතුමන් මේ අදහස් පළ කළේ අද (26) පෙරවරුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ පෙර පැවති අනවශ්‍ය වියදම්, අක්රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.ඒ අනුව සියලු පාසල් දරුවන්ට දිවා අහාර වේලක් ලබා දීමට අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳ දමා, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණ දෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවයි.ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් එම විප්ලවීය ක්‍රියාවලියේ දී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළා.
පාසල් වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණින්, ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදා දීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවත්වුණා.13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව හෝටල් ක්ෂේත්රයට අදාළ පුහුණුව ලබාදීමත්, ගෘහ විද්‍යාවට අදාළ ගුරු පුහුණු කටයුතු පහසු කිරීමත් වෙනුවෙන් නවීකරණය කරන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. එමෙන්ම “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් අතුරින් සියලු පළාත් නියොජනය වන පරිදි තෝරාගත් පාසල් 100 කට ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය ප්‍රතිපාදන ප්රදානය කිරීම ද මෙහිදී සිදුවුණා.මීට අමතරව සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් 150 ක් සඳහා ගෘහ විද්‍යා උපකරණ ලබාදීමක් ද සිදුකෙරුණා.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ඇතුලු මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියා.