ජාතික පාසල් සඳහා උපාධිධාරීන් 1288 කට ගුරු පත්වීම්
කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි. අද (07) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පාසල් සිසුන්ගේ කියවීම වෙනුවෙන් මෙවන් මුදලක් වෙන් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එමෙන්ම ලබන වසරේ දී පාසල් පුස්තකාල සඳහා පොත් ලබා දීම වෙනුවෙන් තවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බව ද විශේෂයෙන් පෙන්වා දුන් අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශය තුළ මෙවන් වෙනස්කම් රැසක් ඇති කිරීමට අවකාශය ලැබුණේ වත්මන් ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් වැඩකිරීමට අවශ්‍ය යහපත් පරිසරයක් රජය තුළ නිර්මාණය කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
අතීත උරුමයන් අනාගතයට පැවරීම වර්තමානයේ ජීවත් වන අපගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අද අරලියගහ මන්දිරයේ දී “ පින් බිම් 12000 ක් යලි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර ” යන තේමාව පෙරදැරි කරගත් සසුනෝදය ජාතික වැඩසටහනට අදාළව, විහාරස්ථාන 1000 ක ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා මූල්‍යධාර පිරිනැමීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පසුගිය කාලයේ දී අක්‍රමවත්ව ක්‍රියාත්මක වූ මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රමවත් කරමින්, ව්‍යාජ බෞද්ධයන් ලෙස නොව සැබෑ බෞද්ධයන් ලෙස වත්මන් රජය මෙවන් සත් ක්‍රියාවකට මුල පිරූ බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා. බෞද්ධ සිද්ධස්ථාන සඳහා මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථාන සඳහා ද සසුනෝදය ජාතික වැඩසටහන යටතේ මුල්‍යාධාර පිරිනැමීමට රජය තීරණය කර ඇති බවත් මෙම වසරින් නොනැවතී ලබන වසරේ දී ද තවත් බෞද්ධ විහාරස්ථාන 1000 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.
මෙහි දී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටෙහි ඒකීය භාවය ආරක්ෂා කිරීමත්, බෞද්ධාගම සඳහා ප්රමුඛ ස්ථානය ලබා දීමත් වත්මන් යහපාලන රජයේ දේශපාලන න්‍යාය පත්‍රයේ මූලික අංගයක් බවයි. සසුනෝදය ජාතික වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම, මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක් වීම ද විශේෂත්වයක්.
සසුනෝදය ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන 1000 ක් සඳහා රුපියල් මිලියන 500 කට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන මෙම උත්සවයේ දී පිරිනැමුනා. ශ්‍රී ලංකාවේ ඇති 12000 කට අධික බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා සමස්ත දිවයින ම ආවරණය කරමින් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්. අමරපුර මහානිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ උවැසි උවැසියන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ දි පැවති 2017 සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරඟාවලිය සහ ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියෙහි පදක්කම් හා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉහත කී විෂය පථයන්ට අදාළ රැකියා සඳහා වර්තමානය වන විට ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ ඉල්ලුමක් පවතින බවයි. එම විෂයන් සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වෙන් වී ඇති ඉඩහසර අවම බවත් මෙරට අධ්‍යාපන ක්‍රමය ඉදිරියට යන්නේ එම විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළා.
ගණිත විෂයමාලාව, පිළිගත් අන්තර් ජාතික මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම, ගණිත අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික සහයෝගීතා ජාලයක් ගොඩනැගීම සහ ගණිත විෂය දැනුම සම්බන්ධව ගුරු සිසු දෙපිරිසගේම දක්ෂතා වර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් මෙම සමස්ත ලංකා ගණිත දැනුම මිනුම සහ ජාතික ඔලිම්පියාඩ් යන තරඟාවලි සංවිධාන කරනු ලැබුවා.
එම තරඟවල දී දක්ෂතා දැක්වූ දිවයිනේ පාසල් රැසක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙම උත්සවයේ දි සහතිකපත් සහ පදක්කම් ප්රදානය කෙරුණා.
“ අතීතයට යතුරක් අනාගතයට පාලමක් ” යන තේමාව යටතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අයත් පාසල් වෙත පුස්තකාල හා විෂය නිර්දේශයට අදාළ පොත් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිතයි.
පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම මෙන්ම රසාස්වාදය, දැනුම දියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනේ දී “ කලණ මිතුරු - පොත් සුමිතුරු ” යන තේමාව යටතේ පොත් කියවන පාසල් සිසුන් වෙත පදක්කම් ප්රදානය කිරීම සහ දීපව්‍යාප්ත කියවීම් තරඟය සඳහා නිල චක්‍රලේඛය නිකුත් කිරීම ද සිදුවීමට නියමිතයි.
මීට අමතරව, විශේෂයෙන් ප්‍රථම වරට සකසන ලද පාසල් පුස්තකාල ග්රන්ථ නාමාවලිය එළි දැක්වීම ද හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
කියවීම ප්‍රවර්ධනය සඳහා දරුවන්ට කියවීමට සුදුසු පොත් සැපයීමටත්, පුස්තකාල එකතුව සංවර්ධනය කර ගැනීම සඳහා ඇතැම් පාසල්වලට ඇති අවස්ථාව අඩුවීමත් යන විෂමතාවයන් දුරුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙලෙස මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමෙනවා.
අතීත ශ්‍රී විභූතිය අපේ ජාතික උරුමය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරනු පිණිසත් දායාද කරනු පිණිසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මගින් සිදුකෙරෙන මහා ශාසනික මෙහෙවරකි. දිවයින පුරා විසිරී පැතිරී ඇති දොළොස්දහසකට අධික වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීමේ මෙම ජාතික වැඩසටහනට අනුව වෙහෙර විහාරස්ථාන 1000 මෙම වසර තුළ සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණයි.
බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එකවර මෙවැනි දැවැන්ත වැඩසටහනක් මෙරට ක්‍රියත්මක වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.
උතුරු නැගෙනහිර ද ඇතුළුව වෙහෙර විහාරස්ථාන 1000 මෙහි මූලික අදියරේදී සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500 කට ආසන්නයි.
මෙරට අතීත උරුමයන් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම මේ සඳහා යොදා ගැනීමද විශේෂත්වයක්.පසුගිය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා දූෂණ අක්රමිකතාවන්ට තිත තබමින් වර්තමානයේ විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ මෙරට පුරා විද්‍යාත්මක උරුමයන් මෙන්ම කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඵලදායී වැඩසටහන් රැසක් දියත් කිරීමට අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වී තිබෙනවා.
ඒ අනුවපින් බිම් දොළොස්දහසක් යළි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවරයන්න තේම කරගනිමින් ක්‍රියාවට නංවා ඇති “සසුනෝදය” ජාතික වැඩසටහනේ එක් අදියරක් හෙට (4) අරලිය ගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.මෙහිදී වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන පරිත්‍යාග කිරීමට නියමිතයි.
මීට පෙර විහාරස්ථාන 150 සඳහා මුල්‍ය ප්‍රතිපාදන පිරිණැමුනු අතර මේවන විට එම විහාරස්ථාන බොහොමයක සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු අවසන් කර තිබීමද විශේෂත්වයක්.
දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන්, ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබෙනවා. අද (07) නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එම ප්‍රධාන විෂයන් වලට අමතර සියළු සෙසු විෂයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේකෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්, සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී, එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කළ ද, අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් පැහැදිලි කළා. එමෙන්ම සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා සිසු දරුවන් වෙත අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සියළු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ අනාගත භාරදූර වගකීම පිළිබඳව වත්මන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන සියළු සිසුන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙහි දි සංකේතාමකව පිරිනැමුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මේ උත්සවයට එක්ව සිටියා.
මීට සමගාමීව අද දිවයින පුරා පාසල් වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධාන වී තිබුණා. මෙහි දී සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව අත්පත්‍රිකා සහ දේශන මඟින් දරු දැරියන් සහ මව්පියන් තව තවත් දැනුවත් කිරීම සිදු කෙරුණා.
සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03 කට ආසන්නයි. මේ යටතේ පාසල් සිසුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් දක්වා ද රෝහල් ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ මරණය සිදු වූ විට රුපියල් 75,000 ක ද ප්රතිලාභ හිමිවනවා. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාබ රැසක් මේ හරහා පිරිනැමෙනවා. මේ වන විටත් සිසුන් විශාල සංඛ්‍යාවක් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාබ ලබාගනිමින් සිටිනවා.
‘සදා සුරකිමු දැයේ දරුවන්’තේමාවෙන් ජාතික මට්ටමින් හඳුන්වා දුන්සුරක්ෂාසිසු රක්ෂණාවරණය ලබා දීම නිමිති කරදෙසැම්බර් මස 07 වන දින ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනයලෙස නම් කර තිබෙනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය, දරුවන්ගේ කායික හා මානසික නිරෝගීබව ආරක්ෂා කිරීමටත්, ඒ තුළින් දැයේ දරුවන්ට වඩාත් යහපත් අනාගතයක් අත්පත් කර දීමට මනා පිටුබලයක් ලබාදීමත් අරමුණු කර ක්‍රියාත්මක වේ.මේ වැඩසටහන හා එහි ප්රතිලාභ හිමිකරගන්නා ආකාරය පිළිබඳ දරුවන් සහ මාපියන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් මතුව තිබූ අතර ඒ අනුව දෙසැම්බර් 07 දින සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත මෙම විශේෂ වැඩසටහන ක්‍රියත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙම දීපව්‍යාප්ත වැඩසටහන යෙදී ඇති දෙසැම්බර් 07 වන බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන පාසල් රැස්වීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යොදා ගැනෙන අතර මේ පිළිබඳ අත්පත්‍රිකාවක් මෙන්ම දැනුවත් කිරීමේ දේශනයන්ද සිදුකිරිම නියමිතයි.මේ පිළිබඳ විස්තර ඇතුලත් චක්‍රලේඛයක් සියලුම පාසල් පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාවට නැංවුණු සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට බලගන්වනු ලැබුවා. මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 2 ක බැගින් වන රක්ෂණාවරණයක් හිමිවන අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, හා පිරිවෙන් ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන, පාසල් යන වයසේ පසුවන දරුවන් ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් ආවරණය වනවා.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙහි ප්රතිලාභ ලබාගත හැකී.
ඒ වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙන් දරන අතර, දරුවන්ගේ මව්පියන්ට මේ සඳහා කිසිදු ගෙවීමක් කිරීමට සිදු වන්නේ නැහැ.මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 3කට ආසන්නයි.
සුරක්ෂා සිසුරක්ෂණාවරණය යටතේ පාසල් දරුවකුගේ බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000 ක් ද රෝහල්ගත වීමකදී රු. 100,000 දක්වා ද පාසල් දරුවකුගේ හදිසි මරණයකදී රු. 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයක දී දරුවකුට රු. 75,000 ක ප්රතිලාභ ලැබෙනවා. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රු. 100,000 සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රු. 50,000.00 සිට රු. 100,000 දක්වා ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමිවන අතර මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ ලබාගනිමින් සිටිනවා.
ශ්‍රී ලාංකීය උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකොට තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් ස්ථානයේ පසුගිය දා පුරාවිද්‍යා පරීක්ෂණ කැණීමක් ආරම්භ කරනු ලැබුවා. මඩකලපුවේ චෙන්කලඩි එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්කුඩාවලි ග්රාමනිලධාරි වසමට තලවායිකණ්ඩම් ප්‍රදේශය අයත් වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ කැණීම් ආරම්භ කරන ලද්දේ එරාවුර් උසාවියෙන් ලබාදුන් නියෝගයක් ද උපයෝගී කරගනිමින්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන අතරින් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර යුගය නියෝජනය කරන අතර, පුළුකුනාව, පොන්ඩුහල්චේන, කුසලානමලේ, තොප්පිගල අවට නටබුන් ඒ අතර ප්රමුඛ වැදගත්කමක් හිමිවනවා. විශේෂයෙන් ම පන්කුඩාවලි පුරාවිද්‍යා නටබුන් අනුරාධපුර යුගය නියෝජනය කරන බව සාධක සහිත ව තහවුරු වී තිබෙනවා.
පන්කුඩාවලි පුරාවිද්‍යා භූමියෙහි කළ කැණීම් පරිශ්‍ර 23කින් අනාවරණය වූ තොරතුරු අනුව, ගඩොල් බැමි, පැරණි ගඩොල් කැට, උළුකැට, එකතැන ගොඩගසා ඇති ගල් කණු, සදකඩපහණ, මුරගල්, සිරිපතුල් ගල්, උඩලිපත, පිළිම පාදම් කොටස් ආදිය හමුවී ඇති අතර මතුපිට ඇති නටබුන් සහ දාගැබ් ගොඩැල්ලේ සාධක අනුව මෙම ස්ථානයෙහි බෞද්ධ ආගමික සංකීර්ණයක ලක්ෂණ ප්‍රකට කරවන බවයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම පරිශ්‍රයෙහි දෙවැනි අදියරේ සිදුකළ කැණීම් මඟින් දාගැබක ශේෂ නටබුන්, ප්‍රාකාර බැමි, දාගැබ් වේදිකාවක් හමුවී ඇති අතර, පසුකාලීන ව අවතැන් වූ ගල්කණු භාවිතයෙන් දාගැබ වටා ඉදිකරන ලද රවුම් ගඩොල් ඇතුරුමක් ද, ගල්කණුවලට ම සම්බන්ධ කර ගඩොලින් ඉදි කළ තවත් ගඩොල් බැම්මක් ද හමුවී තිබෙනවා.
මීට අමතරව පොළව මට්ටමේ සිට අඩි 3 ½ ක ගැඹුරින් පාදමක් සහිතව ඉදිකළ දොරටුවක කොටස්, ඊට ආසන්නයෙහි කොරවක්ගල් දෙකක්, ප්‍රාකාර බැමි දෙකක්, දාගැබේ අඩි 5ක් පමණ උසට විවිධ හැඩතල සහිත වරි කිහිපයක් හමුවී ඇති අතර, ධාතු ගර්භය නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බව හෙළිවනවා. කැණීම් අතරතුර ලෝහමය කාසි කිහිපයක් ද, වීදුරු කරඬුවක් යැයි අනුමාන කළ හැකි කොටසක් ද, පබළුවක් ද, නාග පෙණ 5කින් සමන්විත ලෝහමය නාග රූපයක් ද හමුවී තිබෙන අතර, ඉපැරණි වළං කැබලි, උළු කැබලි, හැඩතල කැපූ ගඩොල් කැබලි ද මෙම පරිශ්‍රයෙන් සොයාගෙන තිබෙනවා.
මීට පෙර, ලංකාවේ පැරණිත ම ගල් පාලම හමුවී ඇත්තේ ද මඩකලපුව පාසිකුඩා සහ වාලච්චේනි ප්‍රදේශයන්ට උතුරින් වූ කායන්කේනි වගුරුබිම ආසන්නයෙනුයි. එම ගල්පාලම දිගින් මීටර් 240 ක් වන බවත් එය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති දිගම ගල්පාලම බවත් අනාවරණය වී තිබෙනවා.
පුරා විද්‍යා ස්මාරක පාදාගැනීම සඳහා පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් පී බී මණ්ඩාවල මහතාගේ අධීක්ෂණයෙන් අම්පාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මඟින් මෙම ප්‍රදේශයෙහි තවදුරටත් කැණීම් කටයුතු සිදුකෙරෙනවා.
‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ, ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද දිනට යෙදී තිබෙනවා. ඊට අදාළ ජාතික දින සැමරුම් උත්සවය අද (07) උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
දැයේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මස 01 වැනි දාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන බලගන්වනු ලැබුවා. ඒ අනුව, පාසල් සිසු දරුවන් රැසක් මේ වනවිටත් ප්රතිලාභ අත්කරගෙන තිබෙනවා. මෙම ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පාසල් සිසුන්, දෙමව්පියන් ඇතුළු පාසල් පාදක ප්‍රජාව තවදුරටත් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් දෙසැම්බර් 07 වැනි දා ‘ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය’ ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
අද දිනයේ දී සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන සියලු පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙම දීපව්‍යාප්ත වැඩසටහනට අනුව අද දිනයේ දී පාසල් තුළ අත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත මේ වනවිටත් යොමුකර අවසන්.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 02 බැගින් වන රක්ෂණාවරණයක් හිමිවන අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන සහ නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන් ඇතුළු ව ශ්‍රි ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසක් ආවරණය වනවා.
සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂික ව රුපියල් 10,000 ක් දක්වා ද, රෝහල්ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විට දී රුපියල් 75,000 ක වන්දි මුදලක් ද ලබා දෙනු ලබනවා. එමෙන් ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්වයක දී රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමි වනවා.
සම්පූර්ණයෙන් ම නොමිලේ දරුවන්ට ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් බිලියන 5කට ආසන්නයි.
ඉදිරියේ දී, සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු සේවයේ 03 – i ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පසුගිය දා පාර්ලිමේන්තු සැසිවාරයක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
2014 වර්ෂයේ දී අවිධිමත් ලෙස බඳවා ගන්නා ලද ගුරු සහයකයින්ගේ මාසික දීමනාව වත්මන් රජය බලයට පත්වන විට ද රුපියල් 6000 කට පමණක් සීමා වී තිබූ බවත් තමන් මැදිහත්ව කැබිනට් පත්‍රිකාවක් මඟින් එම දිමනාව රුපියල් 10000 ක් දක්වා වැඩිකළ බවත් අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව, ගුරු පුහුණු සහතිකය ලැබූ, සුදුසුකම් සපුරා ඇති සියලු ගුරු සහයකයින්, ඉදිරියේ දී ගුරු සේවයේ 03 - iශ්‍රේණිය සඳහා රුපියල් 31060 ක ආරම්භක වැටුපකට අන්තර්ග්‍රහණය කිරීමට සැලසුම් සකස් කර ඇති අතර ගුරු සහයක සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීම සඳහා ද වත්මන් රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන 12000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ක්‍රියාවට නංවා ඇති ‘සසුනෝදය’ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) සෙත්සිරිපාය, මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
පින් බිම් 12000ක් යලි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ විහාරස්ථාන 1000ක් ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණයට අදාළ චෙක්පත් ප්රදානය එළඹෙන දෙසැම්බර් මස 4 වැනි දා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිතයි.
මෙම සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදීමේ දී එය රජයට කිසිදු බරක් නොවන අයුරින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකරනු ලබනවා. ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සංචාරක ස්ථාන වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් වෙත නිකුත් කරන ප්‍රවේශපත්‍ර හරහා ලැබෙන ආදායම යොදාගනිමිනුයි. ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ නායකත්වය මත සිදුකෙරෙන මෙම විහාර සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 425 ක්.
රටේ සියලු පළාත් නියෝජනය වන පරිදි වෙහෙර විහාරස්ථාන තෝරාගැනීම විධිමත් ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලද බවත්, මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති හෙයින් ඉතා ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව මෙම කටයුත්ත ක්‍රියාවට නැංවීමට හැකිවී ඇති බවත් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.
මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා, ක්‍රියාකාරී අධ්යක්ෂ කරුණාරත්න හේරත් මහතා ඇතුළු පිරිසක් එක්වුණා.