නවතම පුවත්

කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ඊයේ (23) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ,එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

2019 මැයි 18 දින සිට මැයි 23 දින දක්වා බ්‍රසීලයේ පැවැත්වෙන ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද සමූහ ඡායාරූපයකට පෙනී සිටියා.  

 මෙම කණ්ඩායමේ ප්‍රධානී තිලක් වත්තුහේවා, කළමනාකරු ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද, කාන්තා භාර නිලධාරිනි මල්කා ජයසිංහ, පුහුණුකරු ජුලියන් බෝලිං යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම පිහිනුම් කණ්ඩායමට කොළඹ ආනන්ද විද්‍යාලයේ එස්. සේනාරත්න සහ එස්. මල්ලවතන්ත්‍රි, කොළඹ ගේට්වේ විද්‍යාලයේ එස්.පෙරේරා, මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සෙවංග ද සිල්වා, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පී.අරුක්ෂාන්, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රමේෂ් කුරේ, කොළඹ විශාඛා විද්‍යාලයේ ජී. සෙනෙවිරත්න, ආර්.සමරකෝන්, එස්.හේරත්, මහනුවර මහාමායා විද්‍යාලයේ ඩී.ජයවර්ධන, ඕ.වීරසිංහ සහ මීගමුව ගේට්වේ විද්‍යාලයේ එස්. වීරවංශ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වෙනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්.එන්.රණසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන් ද සහභාගි වුණා.

ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ඇතුලු මැති ඇමතිවරු  රැසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (13) සිදු කෙරුණා.

කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඬුවස්නුවර ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14)  දැක්වූ අදහස්

පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්වීමට නියමිතයි.

මීට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ඇතුලු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන සඳුදා (13) පෙරවරු 11.30 ට අරලියගහ මන්දිරයේ දි පැවැත්වේ.

ජාත්‍යන්තර, සමස්ත ලංකා සහ පළාත් තරඟවලදී ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් තුළ දක්ෂතා දැක් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් පමණක් විධිමත් ප්‍රායෝගික සහ සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මේ සඳහා තෝරාගෙන තිබෙනවා. ඔවුන් සඳහා තවදුරටත් විශේෂ නේවාසික පුහුණුවක් ද ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර පුහුණුවෙන් පසු දිවයින පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස ඔවුන් රාජකාරියට එක්වනු ඇති.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පූර්ණ කාලීනව හා විධිමත්ව පුහුණුව ලැබූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 2378 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිරිනැමීම අද (22) සිදු කෙරුණා.

ඒ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනුයි.

කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඬුවස්නුවර ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමෙන් පසුව මාධ්‍ය අමතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ පල කළ අදහස්.

 

 2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් - ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

          රටේ පැවැති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා අතපසු වූ සති 02 ක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බැවින්, සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ද  දන්වා ඇති අතර සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවයක් මතු වුවද සාමාන්‍ය පරිදි කාළ සටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.

Search