නවතම පුවත්

කිසිදු සේවකයකු ඉවත් නොකර කිසිවකුට විශේෂත්වයක් නොදක්වා කඩාවැටී ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට තමා සූදානම් බවත් ඒ සදහා ආයතනයේ සේවකයින් ද වංචා දූෂණ හා කොමිස්වලින් තොරව තම රැකියාව සහ ආයතනය ගැන අවංක හැඟීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

විෂයභාර අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණයෙන් පසුව පැවති සේවක හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඇතුළත් කරන විට එහි සේවක වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් සමග බරපතල කඩාවැටීමකට ලක් වී තිබුණු බවයි. මෙම තත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රු.මිලියන 88 ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය සමයේ දුර්වල කළමනාකරණය හා දූෂණ හේතුවෙන් කඩාවැටීමට ලක් වූ ආයතන විධිමත් කර ලාබ ලබන ආයතන බවට පත්කිරීමට හැකි වූ බවත් විශේෂයෙන් කඩාවැටී තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල ද අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ පසු ලාබ ලබන ආයතනයක් බවට පත් කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වංචා දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව තමා ආදර්ශයෙන් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා තමා යටතේ ඇති කිසිදු ආයතනයක ඉහල සිට පහලට කිසිදු සේවකයකුට වංචා දූෂණ හා අක්‍රමිකතා සිදු කිරීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළා.


එසේම ක්ෂේත්‍රය සම්බන්ධව තමන් සතු අවබෝධය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මුහුණ දී ඇති අර්බුදය විසදීමට ඉවහල් කරගන්නා බව පවසා සිටි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ බේදයකින් තොරව සියලු සේවකයින් ආත්මාර්ථකාමී නොවී තමා සේවය කරන ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප විය යුතු බව ද පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියා.

 

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග පසුගිය දා මහරගමදී පැවැත්වුණා .

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට හිමිවූ අතර අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට හිමි වුණා .වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි.මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගනු ලැබුවා

වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධතිය බිදදැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්වය නිවැරදිව හදුනාගෙන කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවැසුවා.

ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් ඕනෑ දෙයක් සිදුකරන ලෙසත් දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන එපා යැයි ද අමාත්‍යවරයා වෘත්තීය සමිති සාමාජිකයින්ට දැනුම් දුන්නා.

එළඹෙන 26 දින ගුරු වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වෘත්තීය සමිතිවලට වෘත්තීය අයිතීන් වෙනුවෙන් කටයුතු කළ හැකි වුවත් අසාධාරණ ඉල්ලීම් මත පදනම් වී පාසල් දරුවන්ගේ අධ්‍යාපන හා විභාග කටයුතුවලට බාධා සිදුකිරීම තමන් තරයේ හෙලා දකින බවයි.

ඇතැම් අධ්‍යාපන බලධාරීන් තම වෘත්තීය බලතල යොදාගනිමින් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හා සිසුන්ට බලපෑම් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී මෙලෙස තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන මෙම පිරිස් සම්බන්ධව තම අප්‍රසාදය පළ කළා. එසේම වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී ගුරුවරුන්ට තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පුළුල් විමර්ශනයක් ඉදිරියේ දී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

එසේම ජූලි 26 වෙනිදා පැවැත්වෙන විරෝධතාවයට සහය පළනොකර පාසලට පැමිණෙන බව පවසන ගුරුවරුන්ට විවිධ හිරිහැර හා තර්ජන කිරීම මෙන්ම අසූචි ප්‍රහාර සිදුකරන බවට ද ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී තිබෙන බව සදහන් කළ අමාත්‍යවරයා වෘත්තීය සමිති මෙවැනි පහත් තත්වයකට පත්වීම සම්බන්ධව කම පිළිකුළ ප්‍රකාශ කළා.

පසුගිය කාලය තුළ දේශපාලන හා වෙනත් විවිධ හේතු මත රාජකාරි ස්ථානයන්හි දී පීඩාවට ලක්ව උසස්වීම්, වැටුප් වර්ධක ඇතුළු රැකියා වරප්‍රසාද අහිමි වූ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට පක්ෂ භේදයකින් තොරව විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූල පරිදි සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන විට එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් රටේ අධ්‍යාපන පද්ධතිය නොමග යැවීමට ඊනියා වෘත්තිය සමිති කටයුතු කිරීම මගින් පෙනීයන්නේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීමේ කුමන්ත්‍රණකාරී උත්සාහයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එසේම මෙලෙස දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබා දුන් කිසිවකුට තනතුරු ලබා දී නැති බවත් දේශපාලන පළිගැනීම් සිදු වූ බවට තහවුරු වූ සුදුසුකම් සහිත පිරිස් වෙත ශ්‍රේණිය සහ වැටුප් පමණක් ලබා දී ඇති බවත් පැවසුවා.

මෙලෙස සහන ලැබූ පිරිස් අතර ගුරු වෘත්තීය සමිතිවල නායකයින් මෙන්ම ක්‍රියාකාරකයින් බොහෝ පිරිසක් සිටින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා වෘත්තීය සමිති එක් පැත්තකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යහපාලන රජයෙන් ලබාදෙන සහන ලබාගනිමින් ඒ සමගම එයට විරෝධය දක්වන බව පෙන්වමින් දෙබිඩි පිළිවෙතක කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දුන්නා.

ඔවුන් පවසන ආකාරයට නුසුදුස්සන්ට උසස්වීම් ලබාදෙන්නේ නම් වෘත්තීය සමිති කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වා රටේ දරුවන් සහ අධ්‍යාපන පද්ධතිය විනාශ කිරීම නොව අධිකරණය හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා. නමුත් දිගින් දිගටම රටේ අධ්‍යාපනය බිල්ලට ගනිමින් සංදර්ශන පවත්වනවා මිස සද්භාවයෙන් යුතු යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීරණ නොවූ බව පැවසූ අමාත්‍යවරයා එක් වෘත්තීය සමිතියක් පසුගිය 11 වන දා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන කමිටුවට නුසුදුස්සන් රැසකට මේ හරහා උසස්වීම් හිමිවන බව සදහන් කරමින් ලිපියක් ලබාදෙමින් නිදසුන් ලෙස පුද්ගලයින් හත් දෙනකුගේ නම් සදහන් කරමින් ඔවුන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් නිර්දේශ කර ඇති බව සදහන් කර ඇති බව පැවසුවා.

නමුත් මෙම ගුරු සංගමය නුසුදුසු පුද්ගලයින් යැයි නිදසුන් ලෙස මෙලෙස නම් වශයෙන් සදහන් කළ මෙම පුද්ගලයින් හත්දෙනාගෙන් පුද්ගලයින් පස් දෙනෙකුම දේශපාලන පලිගැනීම් හේතුවෙන් උසස්වීම් හෝ වෙනත් කිසිදු සහනයක් ලබාදෙන ලැයිස්තුවක හෝ නැති බව ද අමාත්‍යවරයා දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබාදීමට යෝජිත නම් ලැයිස්තුව ඉදිරිපත් කරමින් පැහැදිලි කළා.

එසේම වෘත්තීය සමිති නිදසුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් ලබාදෙන බවට සදහන් කර ඇති අනෙක් දෙදෙනාගෙන් එක් අයකු විදුහල්පති සේවයේ 1 පන්තියට හා අනෙක් තැනැත්තා විදුහල්පති සේවයේ 2 පන්තියටත් උසස්වීමට යෝජනා වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

අසාධාරණයට එරෙහිව පෙනී සිටින බව පවසන මෙම වෘත්තීය සමිති අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852 ක් නැති වීම සම්බන්ධව හෝ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 ක හිගයක් තිබීම සම්බන්ධව උද්ඝෝෂණ නොකළ බවත් වර්තමාන රජය ඒවා හදුනාගෙන පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නිසි පියවර ගත් බවත් පෙන්වා දුන්නා. එසේම මෙම වෘත්තීය සමිති තරග විභාගයක් පවත්වා නිසි ක්‍රමවේදයක් අනුව පුරප්පාඩු පැවති බැවින් පද්ධතියට බදවාගත් විදුහල්පතිවරුන් 4,000 ක් අතරින් විදුහල්පතිවරුන් 3,000 ක් පළාත් සභා විසින් විදුහල්පති තනතුරේ පිහිටුවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව එම පළාත් සභාවලට එරෙහිව මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද පෙන්වා දුන්නා.

එබැවින් මෙම වෘත්තීය සමිති අධ්‍යාපනය තුළ අර්බුද මවා පාමින් පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බිලිබාගැනීම බව පැහැදිලි බැවින් මෙම තත්වය බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතු බව ද අවධාරණය කළා.

කුමන අභියෝග පැවතියත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හෝ විභාග කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනුවත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහතා,අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (15) වෘත්තිය සමිති නියෝජිතයන්ව හමුවූ අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹියහැකියි.

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු වුණා.

එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ දායකත්වය ලබාදීමට කැප වී සිටින බව සඳහන් කළා.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අතරින් හතරවන ඉලක්කය ලෙස නම් කොට තිබෙන පරිපූර්ණ, සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමට අවස්ථා සැලසීම සඳහා මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද ඇය අවධාරණය කළා. අධ්‍යාපනය හරහා සමාජය තුළ විරැකියාව, දරිද්‍රතාවය මෙන්ම නූගත්කම වැනි ගැටලු සඳහා විසඳුම් ලබාදීමට හැකි බව පෙන්වා දුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය බෝ නොවන රෝගාබාධ වලින් (දියවැඩියාව, හෘද රෝග......) පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය තුළ ක්‍රියාශීලී අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීමටත්, පාසලේදීම උදෑසන ආහාර ලබා ගැනීමටත්, ව්‍යායාම් සිදු කිරීම දෛනික පුරුද්දක් බවට පත් කිරීමට දරුවන් හුරු කිරීමේ අවශ්‍යතාව මතු කළා.

ගුරුවරුන් හා දරුවන් අතර දුරස්ථභාවය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැනි තත්ත්වයන් හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් බොහෝ රටවල දරුවන් පීඩාවට පත්ව ඇති බව ද පෙන්වා දුන් මහලේකම්වරිය ජාති, කුල, ආගම් භේදයෙන් තොරව එක් ජාතියක් ලෙස සියල්ලන්ටම උදව් උපකාර සිදු කරමින් ඉදිරියට යාම සඳහා සංහිදියාව පිළිබඳ අවබෝධය ද දරුවන්ට ලබාදීමේ වැදගත්කම සඳහන් කළා. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රජාව අතර සංහිදියාව හා එකමුතුකම ඇති කිරීමට අපූරු හැකියාවක් ඇති බව ද පෙන්වා දුන් මහ ලේකම්වරිය එවැනි වැඩසටහන් සඳහා ද පොදු රාජ්‍ය මණ්ඩලය හරහා දායකත්වය ලබා දෙන බව ද පැවසුවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ විරැකියාව සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසකට දැනටමත් ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බවයි. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සහ ඒ සඳහා හඳුන්වා දී ඇති වෘත්තිය විෂය ධාරාව පිළිබඳව ද මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා ඊට අමතරව යෝජිත පාසල් සුපරීක්ෂණ මණ්ඩල වැඩසටහන්, මානව සම්පත් පුහුණ වැඩසටහන්, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, සුහුරු පන්ති කාමර, නව මාධ්‍ය හරහා ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදයන් වැඩි දියුණු කිරිම, e - සාක්ෂරතාවය නැංවීමට ගෙන ඇති වැඩසටහන් පිළිබඳව ද කරුණු සඳහන් කළා.

සාකච්ඡාවට එක්වූ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උනන්දුව අවම මට්ටමක පවතින බවය. ඒ සඳහා අධ්‍යාපන පර්යේෂකයන් උනන්දු කිරීම වෙනුවෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් මේ වන විට අරඹා ඇති බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකා රජය මේ වනවිට අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ නැවත තම ප්‍රශංසාව පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය.

· නිරෝගී දරු පරපුරක් නිර්මාණය කිරීම සදහාත්, ගුරුවරුන් පුහුණු කිරීම සඳහාත් පොදු රාජ්‍ය මණ්ඩලයේ දායකත්වය ලබාදීම.

· මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු අධ්‍යාපනඥයින්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලය හරහා ශිෂ්‍යත්ව ලබාදීම.

· පොදු රාජ්‍ය මණ්ඩලය අතර ඉගෙනුම් මෙවලම් හුවමාරුව සහ මෙරට අධ්‍යාපනඥයින්ගේ දැනුම වර්ධනය කිරීමට තාක්ෂණ සහාය ලබාදීම.

· අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාකාරකම්වලදී විෂය ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාදීම.

· පුරවැසි වගකීම් සහ සමාජ සංහිඳියාව ඉහළ නැංවීම සඳහා දායකත්වය ලබාදීම.

ආදී කටයුතු රැසක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහය ලබා දීමටද එකඟතාවය පළ කළා.

 

එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුත්තෙහි විශේෂ වැඩසටහනක් ලෙස සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ මේ දිනවල ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පැවැත්වූ දිස්ත්‍රික් රැස්වීම්වල ඡායාරූප මේ සමග දැක්වෙනවා.

කුරුණෑගල

 

පොළොන්නරුව

 

අනුරාධපුර

 

කෑගල්ල

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන සිරිකොත ගමට ගෙන යන වැඩසටහන යටතේ මහනුවර , මාතලේ ,නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් පසුගිය පසුගිය 11 සහ 12 යන දිනවලදී පැවැත්වුණා..

එම අවස්ථාවල ඡායාරූප මේ සමග දැක්වෙනවා.

 

බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම

 
                                                                                 නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම
 
 
 

මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම

 

එක්සත් ජාතික පාක්ෂිකයින් මුහුණ දෙන ගැටළු හදුනාගනිමින් ඒවාට කඩිනම් විසදුම් ලබාදෙමින් ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙනයන වැඩසටහනේ තවත් විශේෂ මහජන නියෝජිත හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (02) පැවැත්වුණා. ඒ පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන (මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා) ආයතනවල මහජන නියෝජිතයින් සහභාගි වුණා.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව පෙන්වා දුන්නා.

කවර බාධක මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති ගම් පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල ප්‍රතිඵල ලබාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රමුඛ ජනතාවට නොබෝ දිනකින් අවකාශ උදාවනු ඇති බව ද මහ ලේකම්වරයා සදහන් කළා.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් දියත් කර ඇති ගම් පෙරළිය සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන් පිළිබද ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පැමිණ සිටි මහජන නියෝජිතයින්ට උපදෙස් ලබාදුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පසුගිය සමයේ අක්‍රමවත් බවට හා දේශපාලන හිතවත්කම් මත සහනාධාර ලබාදුන් බවට චෝදනා එල්ල වූ සමෘද්ධි වැඩසටහන නැවතත් යථා තත්වයට පත් කොට ආර්ථික අපහසුතාවලින් සිටින ජනතාවට තවදුරටත් සහන ලබාදීම සදහා පුළුල් අයුරින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද දැනුම් දුන්නා.

මෙම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින් සදහන් කළේ මෙවැනි හමුවීම් පැවැත්වීම් කාලීන අවශ්‍යතාවක් බවත් එය හදුනාගනිමින් මෙවැනි හමුවීම් සූදානම් කිරීම් පිළිබද පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ස්තූතිවන්ත වන බව පැවසුවා.

සිරිකොත ගමට ගෙනයන වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාලන ආයතන නියෝජනය කරන එක්සත් ජාතික පාක්ෂික මහජන නියෝජිතයන් සමග හමුවීම් කිහිපයක් ඉදිරි දින වල දී පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබෙනවා.

සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුත්තෙහි විශේෂ වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පැවැත්වෙනවා.

එහි පළමු පියවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පසුගිය දා ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ රැස්වීම් මාලවේ දෙවැන්න එදිනම සවස පොළොන්නරු දිස්ත්‍රික්කයේ දී පැවැත්වූ අතර ජූලි 22 දින අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීම ද අද (23) දින කෑගල්ල දිස්ත්‍රික් රැස්වීම ද පැවැත්වුණා.

 

මෙහිදී, පාක්ෂිකයන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම,සංවිධායකරුන්ගේ කාර්යභාරය,පක්ෂ ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය හරහා අපේක්ෂිත අරමුණු,ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීම මෙන්ම,මධ්‍ය හරහා තොරතුරු ජනගත වන ආකාරයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා අදාළ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද පළාත් පාලන නියෝජිතවරුන් සහ දිස්ත්‍රික් සහ ආසන සංවිධාකයින් සහ කළමනාකරුවන් ද සහභාගි වීමට නියමිතයි.

මෙම හමුවීම්වලදී ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා පක්ෂ සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම ද සිදු කෙරෙනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට ද අපේක්ෂිතයි.

 

මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ අමෙරිකානු 'PEACE CORPS' සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (09) සිදු කෙරුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍යංශයේ දී.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණු අතර අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කරනු ලැබුවා.

 

සුරක්ෂා විශේෂ අරමුදලට අදාළ ගිවිසුම ඊයේ (30) අත්සන් කෙරුණා.

ඒ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා අතරයි.

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ලක්ෂ හතළිස් පහක් වූ ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි සහ පැවිදි සිසුන් වෙත ද ලබාදීම සිදු කෙරෙනවා.

රටේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ අරමුණයි. ලක්ෂ 2 කට වැඩි වියදමක් දැරීමට සිදුවන රෝගාබාධ හා සැත්කම්වලදී මාපියන් සහ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සහ සෞඛ්‍ය අවධානමෙන් ඔවුන් මුදාගනිමින් ඔවුන්ට ශක්තියක් වීම මෙම අරමුදල මගින් සිදු වෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා. මූලික අදියරේ දී මෙම අරමුදල තැන්පත් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක්. තවත් රුපියල් මිලියන 400 ක මුදලක් ඒ සඳහා බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එකගතාව පලකර තිබෙනවා.

මෙම අරමුදල හරහා පිලිකා, හෘද සැත්කම්, වකුගඩු අකර්මන්‍යවීමට ලබා දෙන ප්‍රතිකාර, අවයව බද්ධ කිරීම් (වකුගඩු, අක්මා, ඇටමිදුළු) අන්ධභාවය, උපතේ දී සිදුවන අංගවිකල තත්වයන් සහ එදිනෙදා සිදුවන අනතුරුවලදී සිදුවන දණහිස්, වැලමිට සන්ධි බිඳීයාම්, මොළයේ සැත්කම් ආදී ප්‍රතිකාර 18 ක් සඳහා මෙම අරමුදල මගින් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පැවති සාකච්ඡාවේ දී පාසල් දරුවන්ට නොමිලේ හිමිවන සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහල නැංවීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී

· මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීම (මීට පෙර හදිසි අනතුරකින් මිය ගිය හොත් පමණක් ගෙවීමට තීරණය කර තිබුණි. මේ අනුව 2017 ඔක්තෝබර් 1 දා සිට හදිසි අනතුරක් හෝ කුමන හේතුවක් මත මව හෝ පියාගේ අභාවයක දී දරුවාට රුපියල් 75,000 ක මුදලක් ගෙවීමට තීරණය කරන ලදී)

· අක්ෂි හා දෘශ්‍ය ආබාධ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳවත් එකගතාවකට පැමිණීම සම්බන්ධව සාකච්ඡා කර ඇත.

ඒ අනුව ඉදිරියේ දී එම ප්‍රතිලාභ ද දරුවන්ට ලබාදීමට හැකිවනු ඇති.

 

ළඟම පාසැල හොඳම පාසැල යටතේ විසි දහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ශේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් ව්‍යාපෘති ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් නොදැනුවත්වම දේශපාලන වාසි තකා ඇතැමුන් බලහත්කාරයෙන් විවෘත කරන බවට පැමිණිලි ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එය අනුන්ගේ ළමුන්ට නම් තැබීමක් ලෙසයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.

Search