නවතම පුවත්

5566
සන්නිවේදන,තාක්‍ෂණ අධ්‍යාපනය හා ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා අවස්ථාවන් වර්ධනය කිරීම උදෙසා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුත් ශිෂ්‍ය පරපුර අතරින් දක්ෂතමයන් පිරිසක් තෝරා ගෙන ඔවුන්ගේ හැකියාවන් වඩාත් වර්ධනය කර රටේ සංවර්ධනයට දායක කර ගැනීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ඩයලොග් ආසිආටා සමාගම විසින් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයේදී හර විෂයන්ගෙන් ඉහළම ලකුණු ලබා භෞතික විද්‍යා අංශයෙන් (ගණිත) උසස් පෙළ හදාරන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

11111
පත්වීම් ලද නව විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ලෙස ම ස්ථානගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ද තීරණය කර ඇති මොහොතක ඇතැම් පළාත් සභා විසින් එම තීරණය ද අභිබවා නුසුදුස්සන් ආරක්ෂා කිරීමට යාම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

unnamed2
ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ 2016 කණිෂ්ඨ අංශයේ ශූරතා දිනාගත් සිසුන් 19 දෙනෙකු‍ට නොවැම්බර් මස 09 දින සිට 13 දින තෙක් ඉන්දුනීසියාවේ පැවැත්වෙන 13 වන ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.

11111
2017 අයවැය යෝජනා අනුව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඟාසිටුවීම වෙනුවෙන් රජය වෙන් කර ඇති ප‍්‍රතිපාදන සහ ඒ යටතේ ක‍්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන් සම්බන්ධව සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

5656
ජාතික වශයෙන් ඉතාමත් වැදගත් ලේඛන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සුරක්ෂිත කිරීමට හැකි බවත් ඒ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට තමා පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

17
විවිධ අවස්ථාවන්හිදී පාසැල් ගුරුවරුන් සඳහා තෑගි භෝග ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම,එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

363465

පසුගිය වසරේදී හඳුන්වාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත් වවුචර 2017 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීම අද සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අද (11) දින මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. මෙවර නිල ඇඳුම් තිළිණපත් වවුචර කාණ්ඩ 14 ක් යටතේ නිකුත් කෙරෙන අතර වර්තමාන වෙළඳපොල වටිනාකම අනුව සලකා බලා රු. 500 සිට රු. 1,700 ක වටිනාකමකින් යුක්ත ව නිල ඇඳුම් තිළිණ පත් නිතුත් කෙරෙනවා. ඉතාමත් විධිමත් ක්‍රමවේදයකට අනුව බෙදාහැරීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ද තමන් කැමති ඕනෑම වෙළඳසැලකින් වවුචරය ඉදිරිපත් කර තමන්ට හිමි නිල ඇඳුම් රෙදි ලබාගැනීමට හැකිවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

thursten
ලබන වසරේ පාසල් දරුවන් සඳහා ලබා දෙන නිල ඇඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදාහැරීම සඳහා වන කටයුතු ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (03) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

1111111
පාසල් පද්ධතිය සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට වසර දහයකින් විභාග පවත්වා නොතිබුණු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ සෘජු උපදෙස් මත විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්වූ අතර ඒ සඳහා පෙනී සිටි විසිදහසකට ආසන්න අපේක්ෂකයින් අතරින් විභාගය ඉහළින්ම සමත් 3901 දෙනෙකු පසුගිය ජූනි මස 16 වෙනි දා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගනු ලැබී ය.

සමස්ත පාසල් පද්ධතිය වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගත්තත් පහළ මට්ටමට යාමේදී ඒවා ක්‍රියාත්මක නොවන බවත් විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත් 3901 දෙනෙකු සේවයේ ස්ථානගත කිරීමට කැබිනට් මණ්ඩලය ලබාදුන් තීරණය නොසලකමින් ඇතැම් පළාත් සභා කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අද (9) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති තාක්ෂණවේදය විෂය ක්‍රියාත්මක තාක්ෂණ පීඨ ඉදිකර ඇති පාසල් 250 ක් සඳහා ගුණාත්මක යෙදවුම් මිලට ගැනීමේ මුදල් ප්‍රතිපාදන වෙන් කරදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.

14900
පසුගියදා (28) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අලිමංකඩ දුම්රියපොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් සිටි අතරතුර අමාත්‍යවරයා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.

Search